slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2019
ශ්‍රී ලංකාවේ සුරක්ෂිතභාවය 19න් පහළ තරග සංවිධානයෙන් ඔප්පු වනවා – තරග අධ්‍යක්ෂ කියයි

Sri Lanka Cricket

2012 ශ්‍රී ලංකාවේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියට පසුව වසර අටකින් නැවත මෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ මෙවර අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය. ආසියාවේ රටවල් අටක තරුණ කණ්ඩායම් ඒකරාශී කරගෙන මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්ත්වය ලොවටම පෙන්නුම් කරන බව 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂ බන්දුල දිසානායක මහතා ප්‍රකාශ කරයි.

19න් පහළ තරුණ කණ්ඩායම් පමණක් මේ තරගාවලියට සහභාගිවුවත් අප ඔවුනට අන්තර් ජාතික මට්ටමේ සියළුම පහසුකම් සපයා තිබෙනවා. මේ තරගාවලිය‍ට කණ්ඩායම් තෝරාගෙන ඇත්තේ ආසියාවේ ටෙස්ට් තත්ත්වය ලැබු රටවල් පහ සහ මලයාසියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී තේරුණු කණ්ඩායම් තුනත් සමගයි. මෙම තරගාවලියෙන් පසුව මේ වසර අවසානයේ මෙරටටදී කාන්තා 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති බවද බන්දුල දිසානායක මහතා සදහන් කරයි.

2019 ආසියානු කුසලාන අවුරුදු 19න් පැවැති ක්‍රිකට් තරගාවලිය පිළිබදව පැවැති මාධ්‍ය හමුව අමතමින් දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේය. මේ මාධ්‍ය හමුවට කණ්ඩායම් අටේ නායකයන් සහභාගිවූ අතර එහිදි ජයග්‍රහකයනට පිරිනැමෙන කුසලානයද උත්සවශ්‍රීයෙන් දර්ශනය කැරිණි.

පුහුණු තරගාවලියන්ගෙන් සහ වෙනත් බාහිර පුහුණුවීම් මගින් අප මේ තරගාවලියට සූදානම්ව සිටින හෙයින් කුසලානය දිනාගැනීම අපගේ අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය මෙහිදී ප්‍රකාශ කළේය. ඉන්දීය නායක චාන්ඩ් ජුරෙල් ප්‍රකාශ කළේ තමා නායකත්වයට නවකයෙකු වුවද සූරතාව දිනා ගැනීම අපේක්ෂාව බවය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය. සරවනමුත්තු ක්‍රීඩාංගණය, මොරටුව ක්‍රීඩාංගණය, සී.සී.සී ක්‍රීඩාංගණය සහ කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයන්හි දී මේ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 5 සිට 14 දක්වාය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය සහ කුවේට් මේ තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රී ලංකාව හයවැනිදා නේපාලය සමගත් 8 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සමගත් 10 වැනිදා බංග්ලාදේශය සමගත් තරග වදිති අවසාන පූර්ව තරග දෙක 12වැනිදා සහ අවසාන තරගය 14 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පැවැත්වීමට නියමිතය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee