slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2019
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරගාවලි දෙකකට

Sri Lanka Cricket

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මේ මස 23වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යති.

මේ සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග එක්දින තරග තුනකටත් 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය. 20-20 තරග තුන සිඩ්නි නගරයේත් එක්දින සීමිත ඕවර තරග තුන බ්‍රිස්බේන් නගරයේත් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.තරගාවලිය නිමාවන්නේ ඔක්තෝම්බර් 10වැනිදාය.

ඕස්ට්‍රේලියාව බලායන කණ්ඩායමට ඇතුළත්වන චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන සහ නිලක්ෂා ද සිල්වා පළපුරුදු ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් බව පවසන හර්ෂ ද සිල්වා මොවුන්ගෙන් අප වැඩි දායකත්වයක් බලාපොරොත්තු වුවත් ලෝක කුසලානය අරමුණු කරගෙන තරුණ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුටම අවස්ථාව ලබාදීමද මේ සංචාරයේදී සිදුවනු ඇතැයි කීවේය.

ඕස්ට්‍රේලියා සංචාරයේ සිඩ්නි හා බ්‍රිස්බේන් තරග කිහිපයකට පෙර ලංකා ක්‍රීඩිකාවන් එහිදී පෙර පුහුණු තරග කිහිපයකට ද සහභාගිවීමට නියමිතය

මෙම සංචාරය නිම කර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙහි පැමිණි පසු අන්තර් පළාත් තරගාවලියකට මේ වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසයන්හි සහභාගි කරවති. එම තරග කොළඹ, මහනුවර, දඹුල්ල හා ගාල්ල වශයෙන් කණ්ඩායම් හතරකට බෙදා ජාත්‍යන්තර මට්ටමේ සියළු පහසුකම් සපයා දී උසස් මට්ටමකින් පවත්වන අතර ඊට අවුරුදු 19න් පහළ සහ 23න් පහළ ක්‍රීඩිකාවන් රැසකටම ඉදිරිපත් වීමට අවස්ථාව සැපැයේ. කාන්තා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි හා මාර්තු මාසයන්හි ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදීය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee