slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2019
තරුණ ජවය අපි ඉදිරියේ ජාතික කණ්ඩායමට දෙනවා – 19න් පහළ කළමණාකරු ෆර්විස් මහ්රුෆ්

Sri Lanka Cricket

වත්මන් අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන මීළග ලෝක කුසලාන තරගාවලිය තෙක්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු සහ  තේරීම් කමිටු නිලධාරී ෆර්විස් මහ්රුෆ් ප්‍රකාශ කරයි.

අප මේ සංචිතයට මොවුන් තෝරා ගත්තේ අවුරුදු 15-17ත් අතර ක්‍රීඩකයන් තිදෙනෙක් ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් හයක් තුන්ඉරියව් ක්‍රීඩකයන් දක්ෂ පිතිකරුවන් පන්දු යවන්නන් හා කඩුලු රකින්නන්ගෙන් සමන්විත සමබර කණ්ඩායමක් ලෙසටයි. දෙදෙනෙකු පමණ ඉදිරියේ ඉවත්වුවත් දීර්ඝ කාලීනව වසරක පමණ මනා පුහුණුවකින් පසුව මොවුනට ලෝක කුසලානයට යාමට අවස්ථාව උදාවනු ඇතැයි මහ්රුෆ් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැන් අත්‍යවශ්‍ය කරුණක් ඇත්තේ තරුණ ක්‍රීඩකයන් ඊට ආදේශ කිරීමට ඔවුන් හොදින් සූදානම් කර තිබීමය. දිවයින පුරා පාසල්වලින් බිහිවන දක්ෂම ක්‍රීඩකයන් මග නොහැර අන්තර් පළාත් කණ්ඩායම් වලට ඇතුළත් කර සුදුසුකම් ඇති ජාතික මට්ටමේ පුහුණුකරුවන් වෙතින් පුහුණුව ලබාදී අන්තර් පළාත් තරගාවලියට සහභාගි කර එහි දක්ෂයන් ජාතික සංචිතයක පිහිටුවා නේවාසික පුහුණුවීම් ලබාදීම් දැන් මාස ගණනාවකට සිටම සිදුකරගෙන එන්නක් බවද ෆර්විස් මහරුෆ් කීවේය.

මා පෞද්ගලික සිතනවා අපට මෙවැනි කණ්ඩායමක් හමුවූයේ කාලෙකට පසුව යැයි කියලා ඉදිරියේ දීර්ඝ කාලීන පුහුණුවක් ලබාදීමෙන් මොවුනට යහපත් පන්නරයක් ලබාදිය හැකියි. කළකට පෙර තිබූ ආකාරයටම අපට ඉදිරියේදී තරුණයන් ජාත්‍යන්තරයට හදුන්වා දිය හැකියි. වත්මන් යුගයේ අවශ්‍යතාවයද එයයැයි ශ්‍රී ලංකා කළමණාකරු  ප්‍රකාශඉ කළේය.

1984 සැප්තැම්බර් 7 වැනිදා උපත ලද ෆර්විස් මහ්රුෆ් කොළඹ වෙස්ලි විදුහලෙන් අධ්‍යාපනය ලබා 2004 වසරේ ලෝක කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලියේදී ලංකා 19න් පහළ පිලට නායකත්වය දී පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට්, එක්දින හා 20-20 ජාතික කණ්ඩාම් තුනම නියෝජනය කළේය. ටෙස්ට් තරග 22කදී කඩුලු 25ක් ලබා පන්දුවට පහර දීමේදී ඉනිමක 18.5 ක සමාන්‍යයක් ලබා ඇත. එක්දින තරග 109කදී කඩුලු 135ක් ද පන්දුවට පහරදීමේදී ඉනිමක සාමාන්‍ය 19.5ක් ද ලබා ඇත. 20-20 තරග අටකදී කඩුලු හතක් දවා ඇත. හස්නා සමග විවාහවු ඔහු දියණියකගේ පුතකුගේ පියෙකි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම […]
  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee