slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2019
ශ්‍රී ලංකාවේ සුරක්ෂිතභාවය 19න් පහළ තරග සංවිධානයෙන් ඔප්පු වනවා – තරග අධ්‍යක්ෂ කියයි

Sri Lanka Cricket

2012 ශ්‍රී ලංකාවේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියට පසුව වසර අටකින් නැවත මෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ මෙවර අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය. ආසියාවේ රටවල් අටක තරුණ කණ්ඩායම් ඒකරාශී කරගෙන මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්ත්වය ලොවටම පෙන්නුම් කරන බව 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂ බන්දුල දිසානායක මහතා ප්‍රකාශ කරයි.

19න් පහළ තරුණ කණ්ඩායම් පමණක් මේ තරගාවලියට සහභාගිවුවත් අප ඔවුනට අන්තර් ජාතික මට්ටමේ සියළුම පහසුකම් සපයා තිබෙනවා. මේ තරගාවලිය‍ට කණ්ඩායම් තෝරාගෙන ඇත්තේ ආසියාවේ ටෙස්ට් තත්ත්වය ලැබු රටවල් පහ සහ මලයාසියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී තේරුණු කණ්ඩායම් තුනත් සමගයි. මෙම තරගාවලියෙන් පසුව මේ වසර අවසානයේ මෙරටටදී කාන්තා 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති බවද බන්දුල දිසානායක මහතා සදහන් කරයි.

2019 ආසියානු කුසලාන අවුරුදු 19න් පැවැති ක්‍රිකට් තරගාවලිය පිළිබදව පැවැති මාධ්‍ය හමුව අමතමින් දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේය. මේ මාධ්‍ය හමුවට කණ්ඩායම් අටේ නායකයන් සහභාගිවූ අතර එහිදි ජයග්‍රහකයනට පිරිනැමෙන කුසලානයද උත්සවශ්‍රීයෙන් දර්ශනය කැරිණි.

පුහුණු තරගාවලියන්ගෙන් සහ වෙනත් බාහිර පුහුණුවීම් මගින් අප මේ තරගාවලියට සූදානම්ව සිටින හෙයින් කුසලානය දිනාගැනීම අපගේ අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය මෙහිදී ප්‍රකාශ කළේය. ඉන්දීය නායක චාන්ඩ් ජුරෙල් ප්‍රකාශ කළේ තමා නායකත්වයට නවකයෙකු වුවද සූරතාව දිනා ගැනීම අපේක්ෂාව බවය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය. සරවනමුත්තු ක්‍රීඩාංගණය, මොරටුව ක්‍රීඩාංගණය, සී.සී.සී ක්‍රීඩාංගණය සහ කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයන්හි දී මේ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 5 සිට 14 දක්වාය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය සහ කුවේට් මේ තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රී ලංකාව හයවැනිදා නේපාලය සමගත් 8 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සමගත් 10 වැනිදා බංග්ලාදේශය සමගත් තරග වදිති අවසාන පූර්ව තරග දෙක 12වැනිදා සහ අවසාන තරගය 14 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පැවැත්වීමට නියමිතය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee