slc
logo
Home   |    News
ඔක්තෝබර් 2, 2019
කමිදු මෙන්ඩිස් 169යි: ‘ඒ’ තරගය ජයපරාජ නෑ

Sri Lanka Cricket

සූරියවැවදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ ප්‍රථම නිලනොවන සිව්දින ටෙස්ට් තරගයේ අවසාන දිනය වූ අඟහරුවාදා (01) විශේෂතම සිදුවීම වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ අංක තුන පිතිකරු කමිඳු මෙන්ඩිස් ලකුණු 169ක් ලබාගැනීමය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ අංක දෙක පිතිකරු සංගීත් කුරේ ලකුණු 104ක්ද අංක තුන පිතිකරු කමිඳු මෙන්ඩිස් ලකුණු 169ක්ද ලබා ලකුණු අතරට පිවිසීම සුබදායකවූ කරුණකි. අයහපත් කාලගුණය මත දින තුනකට සීමාවූ මේ තරගය තෙවන දින නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි.

දෙවන දින පන්දු 141කදී නොදැවී ලකුණු 79ක් ලබා සිටි කමිඳු මෙන්ඩිස් තෙවන දිනයේ පන්දු 141කට මුහුණදී තවත් ලකුණු 90ක් එක්කර ගැනීමට හැකිවිය. කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ලකුණු 169ක්ම ලබාගත්තේ පන්දු 282කට මුහුණදී හතරේ 19ක් සමගයි. මෙන්ඩිස්ට අමතරව මෙදින පිත්තෙන් දස්කම් දැක්වූ ප්‍රියමාල් පෙරේරා පන්දු 75කදී හතරේ 9ක් සමග ලකුණු 61ක්ද අෂාන් ප්‍රියංජන් ලකුණු 37ක්ද (පන්දු 56යි හතරේ 6යි) රමේෂ් මෙන්ඩිස් හතරේ 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 21ක් ලබාගත්හ.

අවසාන දිනයේ හොදම සබදතාවය වූයේ කමිදු මෙන්ඩිස් සහ ප්‍රියමාල් පෙරේරා පස්වන කඩුල්ලට ඕවර 21.2කදී එක්කළ ලකුණු 94යි. මොවුන් දෙදෙනා බොහෝ අවස්ථාවන්හි ලකුණු රැස්කලේ එක්දින තරගයකදී මෙන් වේගයකිනි.කමිදු සමග අෂාන් ප්‍රියංජන් තෙවන කඩුල්ලට ලකුණු 79ක්ද කමිඳු සමග රමේෂ් මෙන්ඩිස් හයවන කඩුල්ලට ලකුණු 49ක්ද එක්කළහ.

බංග්ලාදේශය මෙහිඩි හසන් මිරාස් ලකුණු 150කට කඩුලු පහක් ද මොහොමඩ් මිතුන් ලකුණු 34කට කඩුලු 2ක් ද දවාලූහ.

ලකුණු විස්තරය

  • බංග්ලාදේශය ‘ඒ’ මුල් ඉනිම 360යි.

ජේ.ඉස්ලාම් 90යි, එම්.මිතුන් 92යි, අසිත ප්‍රනාන්දු 59ට 3යි, රමේෂ් මෙන්ඩිස් 57ට 3යි

  • ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම 450යි.

කමිඳු මෙන්ඩිස් 169යි, සංගීත් කුරේ 104යි, ප්‍රියමාල් පෙරේරා 61යි, අෂාන් ප්‍රියංජන් 37යි, රමේෂ් මෙන්ඩිස් 21යි, මෙහඩි හසන් මිරාස් 150ට 5යි මිතුන් 34ට 2යි.

බංග්ලාදේශ ‘ඒ’ දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 01යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar