slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2019
කාන්තා ආසියානු කුසලානේ කාලසටහනෙහි සංශෝධනයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු කළාපයේ රටවල් 4 ක කාන්තා නැගී එන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අද ආරම්භවීමට නියමිතව තිබූ නැගී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙහි තරග කාලසටහනෙහි වෙනසක් සිදු කිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

මේ දිනවල කොළඹ හා ඒ අවට ප්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ක් අත් හැර දැමීමට සිදුවිය. අද දිනයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතව තිබිණ.

ඒ අනුව පවතින වැසි බර කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (23 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම අනිද්දා දිනට හෙවත් 24 වැනිදා දක්වා කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිල සංවිධායකයෝ පියවර ගත්හ. ඒ අනුව හෙට දිනය සියළුම කණ්ඩායම් වලට විවේක දිනයක් ලෙස නම් කර තිබීම විශේෂත්වයකි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest