slc
Home   |    News
ඔක්තෝබර් 23, 2019
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

Sri Lanka Cricket

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා නැගී එන කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (23 දා) කටයුතු කළේය. ඒ අනුව නම් කරන ලද පිරිමි කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින්ද කාන්තා කණ්ඩායම හර්ෂිතා මාධවී විසින්ද මෙහෙයවනු ඇත.

දකුණු ආසියානු ඉතිහාසයේ මෙතෙක් පැවැති ක්‍රීඩා තරගාවලිවලදී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන ලද දෙවැනි අවස්ථාව වන්නේ මෙවර තරගාවලියයි. මීට ප්‍රථම දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියකට ක්‍රිකට් ඇතුළත්ව තිබුණේ 2010 වසරේ බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති තරගාවලියේදීය. එවර තරගාවලිය වයස අවුරුදු 21 න් පහළ තරගාවලියක් ලෙසින් පැවැත්වීමට කටයුතු යෙදුණත් මෙවර තරගාවලිය අවුරුදු 23 න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවැත්වෙනු ඇත.

නම් කරන ලද පිරිමි කණ්ඩායමේ උපනායකයා ලෙස එක්දින ජාත්‍යන්තර තරග 2 කදී සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 4 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ව පත් කර තිබේ. මේ අතර කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටින හර්ෂිතා මාධවී මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නිය වේ.

නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. 

ශ්‍රී ලංකා අවුරුදු 23 න් පහළ පිරිමි කණ්ඩායම – චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, විශ්ව චතුරංග, අෂේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිශාන් මදුශ්ක, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, නිශාන් පීරිස්, දුවිඳු තිලකරත්න, සචිඳු කොළඹගේ, කනිෂ්ක අංජුල.

ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල – හර්ෂිතා මාදවී (නායිකා), කවීශා දිල්හාරි (උප නායිකා), සත්‍යා සංදීපනී, උමාෂා තිමේශිනී, තාරිකා සෙව්වන්දි, ලිහිණි අප්සරා, ජිමන්ජලී විජේනායක, සචිනි නිසංසලා, නිලක්ෂනා සඳමිනී, ශයන ඕෂධී, මල්ෂා රණතුංග, තාරුකා ෂෙහානි, ශිකාරා නුවන්තා, සචිනි ද සිල්වා, ජනදි අනාලි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest