slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2019
පාකිස්තානයට ගිය සිව්දෙනෙක් ඕස්ට්‍රේලියානු සංචාරයෙන් හැළෙයි

Sri Lanka Cricket

මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම් කරන ලද ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට නිමාවුණු පාකිස්තානු තරග සංචාරයේදී දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩකයින් කිහිප පළක්ම ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව විසින් නම් කරන ලද ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ සංචිතයෙන් වෙනස්කම් 4 ක් පමණක් සිදුකිරීමට වග බලාගෙන තිබේ. ආරක්ෂක හේතූන් නිසා එම තරගාවලියට සහභාගිත්වයෙන් වැළැකී සිටි ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාට යළිත් කණ්ඩායමට එක් කර තිබේ.

මොවුන් සිව්දෙනා කණ්ඩායමට පැමිණීමේදී පාකිස්තානු තරග සංචාරයට සහභාගිවූ ක්‍රීඩකයන් අතරින් දක්ෂතා අතරට පැමිණීමට සමත්වූ මිනෝද් භානුකටද ස්ථානය අහිමිවී තිබීම කැපී පෙනෙයි. මිනෝද් භානුකට අමතරව ආරම්භක පිතිකරු ලෙසින් කණ්ඩායමට එක්වූ සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා සහ ළහිරු මධුසංකට සිය ස්ථාන අහිමිවී තිබේ. කෙසේ වෙතත් පාකිස්තානු තරග සංචාරයට පෙර හෙවත් නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත් වුණු ළහිරු මදුසංක ද නම් කරන ලද නව කණ්ඩායමට ඇතුළත් නොවීම කැපී පෙනෙයි.

මෙම ක්‍රීඩකයින් සහිතව ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායම වූ පාකිස්තානයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

විස්සයි-20 තරග 3 ක් පමණක් ඇතුළත් මෙම තරගාවලියේ පළමු තරගය මෙම මස 27 වැනිදා ඇඩිලේඩ්හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය 30 වැනිදා බ්‍රිස්බේන්හිදීද තෙවැනි තරගය නොවැම්බර් 01 වැනිදා මෙල්බර්න්හිදීද පැවැත්වෙනු ඇත.

මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන 2020 වසරේ ඔස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී විස්සයි-20 තරගාවලියකට සහභාගිවී ඇත්තේ ඉකුත් 2017 වසරේදී වේ. උපුල් තරංගගේ නායකත්වය යටතේ එම තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා විස්සයි-20 පිල 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා විස්සයි-20 පිල – ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රජිත.

කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් – ලසිත් මාලිංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල

ඉවත් වුණු ක්‍රීඩකයින් – මිනෝද් භානුක, ළහිරු මධුසංක, ඇන්ජලෝ පෙරේරා, සධීර සමරවික්‍රම .

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee