slc
Home   |    News
ඔක්තෝබර් 20, 2019
පාකිස්තානයේදී දස්කම් පෑ ක්‍රිකට් විරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් – ක්‍රිකට් ආයතනයෙන් හරසර

Sri Lanka Cricket

පාකිස්තානයට එරෙහිව පැවැති තරග සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී අද (19 දා) පස්වරුවේදී පැවැත්විණ.

ලොව අංක එකේ විස්සයි-20 කණ්ඩායම වන පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙස ජය ගනිමින් දක්වන ලද දක්ෂතා වලට ඇගැයීමක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම උත්සවය සංවිධානය කළහ. අදාළ උපහාර පිරිනැමීමේ උළෙලේදී  එක්දින මෙන්ම විස්සයි-20 කණ්ඩායම්වල ක්‍රීඩකයින් සියළු දෙනා මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලයද ඇගැයීමට ලක් කිරීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාව වර්ණවත් කිරීම වෙනුවෙන් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිල (Smart) ජංගම දුරකථන සහකරුවා ලෙසින් කටයුතු කරන හුආවේ (HUAWEI) ආයතනයේ අනුග්‍රහයෙන් Huawei වටිනා ජංගම දුරකථනයක් පිරිනැමීමටද කටයුතු කිරීම කැපී පෙනුණි.

වත්මන් ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සහ හුවාවේ ටෙක්නොලජීස් සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී පීටර් ලුයි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර පිරිනැමීමේ උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, හුආවේ ටෙක්නොලජීස් සමාගමේ සාමාන්‍යාධිකාරී කල්ප ඒ. පෙරේරා, එම ආයතන වෙළෙඳ ප්‍රධානී චරිත කරුණාරත්න,  අළෙවි ප්‍රධානී (GTM) ඩේවිඩ් සූ සායි, එම ආයතන සැපයුම් කළමනාකරු ෆ්‍රෑන්ක් හැන්ෆන්ග් සහ මානව සම්පත් කළමනාකරු ජිතේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest