slc
logo
Home   |    News
ඔක්තෝබර් 5, 2019
පාකිස්තානු නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් අද (05 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායක සෆ්‍රාස් අහමඩ් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී තරමක ශීත කාලගුණික තත්ත්වයක් පවතින බැවින් රාත්‍රී කාලයේ පින්න පතිතවීම සාමාන්‍ය තත්ත්වයකි. එබැවින් පළමු භාගයේදී පන්දු යවනවට වඩා රාත්‍රී කාලයේ පන්දු යැවීම අසීරු කරුණක් බැවින් කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායකයා ශ්‍රී ලංකා පිලට පන්දුවට පහර දීමට ආරාධනා කර සිටියේය.

අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක ජාත්‍යන්තර විස්සයි-20 තරග වරම් දිනා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග වරම් දිනා ගත් 82 වැනි සහ 83 වැනි ක්‍රීඩකයින් බවට පත් වුණු භානුකලා අතරින් මිනෝද්, මීට පෙර පැවැති එක්දින තරගයේදී එක්දින වරම්ද දිනා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින්ද කටයුතු කරන වමතින් පිත්ත හසුරුවන මිනෝද් සිය පළමු ජාත්‍යන්තර තරගයේදීම මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 36 ක් ලබාගනිමින් පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා විදහා පෑවේය.

අද තරගයේදී මංගල විස්සයි-20 තරග වරම් දිනා ගත් භානුක රාජපක්ෂ ද වමතින් පිත්ත හසුරුවන පිතිකරුවෙකි. කොළඹ රාජකීය විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ භානුක දේශීය විස්සයි-20 තරග අංශයේදී තරග 52 කට ක්‍රීඩා කරමින් ලකුණු 975 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. රාජපක්ෂගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 23.78 කි.

පාකිස්තානු කණ්ඩායම ප්‍රබල පිතිකරුවන් දෙපළක් වන අහමඩ් ශේෂාඩ් සහ උමර් අක්මාල් කැඳවමින් මෙම තරගයට අවතීර්ණව සිටින අතර වේග පන්දු යවන්නන් තිදෙනෙකුම කණ්ඩායමට කැඳවමින් අවතීර්ණව සිටියි. ශ්‍රී ලංකා පිල කසුන් රජිත නුවන් ප්‍රදීප් වේග පන්දු යවන්නන් ලෙස යොදා ගනිද්දී ඉසුරු උදාන වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් කණ්ඩායමට එකතුව සිටියි.

ශ්‍රී ලංකා පිල – 1. ධනුෂ්ක ගුණතිලක, 2. අවිශ්ක ප්‍රනාන්දු, 3.භානුක රාජපක්ෂ, 4. මිනෝද් භානුක, 5. දසුන් ශානක(නායක), 6. ෂෙහාන් ජයසූරිය, 7. වනිඳු හසරංග, 8. ඉසුරු උදාන, 9. ලක්ෂාන් සඳකැන්, 10. නුවන් ප්‍රදීප්, 11. කසුන් රජිත.

පාකිස්තානු පිල – 1. අහමඩ් ශේෂාඩ්, 2. බාබර් අසාම්, 3. උමර් අක්මාල්, 4. සෆ්‍රාස් අහමඩ් (නායක), 5. ඉෆ්තිකාර් අහමඩ්, 6. අසීෆ් අලී, 7. ඉමාඩ් වසීම්, 8. ශාදාබ් ඛාන්, 9. ෆහීම් අශ්රෆ්, 10. මොහොමඩ් අමීර්, 11. මොහොමඩ් හස්නේන්.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee