slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2019
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

Sri Lanka Cricket

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා නැගී එන කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (23 දා) කටයුතු කළේය. ඒ අනුව නම් කරන ලද පිරිමි කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින්ද කාන්තා කණ්ඩායම හර්ෂිතා මාධවී විසින්ද මෙහෙයවනු ඇත.

දකුණු ආසියානු ඉතිහාසයේ මෙතෙක් පැවැති ක්‍රීඩා තරගාවලිවලදී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන ලද දෙවැනි අවස්ථාව වන්නේ මෙවර තරගාවලියයි. මීට ප්‍රථම දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියකට ක්‍රිකට් ඇතුළත්ව තිබුණේ 2010 වසරේ බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති තරගාවලියේදීය. එවර තරගාවලිය වයස අවුරුදු 21 න් පහළ තරගාවලියක් ලෙසින් පැවැත්වීමට කටයුතු යෙදුණත් මෙවර තරගාවලිය අවුරුදු 23 න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවැත්වෙනු ඇත.

නම් කරන ලද පිරිමි කණ්ඩායමේ උපනායකයා ලෙස එක්දින ජාත්‍යන්තර තරග 2 කදී සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 4 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ව පත් කර තිබේ. මේ අතර කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටින හර්ෂිතා මාධවී මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නිය වේ.

නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. 

ශ්‍රී ලංකා අවුරුදු 23 න් පහළ පිරිමි කණ්ඩායම – චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, විශ්ව චතුරංග, අෂේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිශාන් මදුශ්ක, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, නිශාන් පීරිස්, දුවිඳු තිලකරත්න, සචිඳු කොළඹගේ, කනිෂ්ක අංජුල.

ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල – හර්ෂිතා මාදවී (නායිකා), කවීශා දිල්හාරි (උප නායිකා), සත්‍යා සංදීපනී, උමාෂා තිමේශිනී, තාරිකා සෙව්වන්දි, ලිහිණි අප්සරා, ජිමන්ජලී විජේනායක, සචිනි නිසංසලා, නිලක්ෂනා සඳමිනී, ශයන ඕෂධී, මල්ෂා රණතුංග, තාරුකා ෂෙහානි, ශිකාරා නුවන්තා, සචිනි ද සිල්වා, ජනදි අනාලි.

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee