slc
Home   |    News
නොවැම්බර් 1, 2019
අවසන් තරගයත් ඔස්ට්‍රේලියාව ජය ගනියි

Sri Lanka Cricket

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ගෞරවාන්විතව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අවසන් තරග අවස්ථාව බවට පත්වූ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි තරගයේදීද කඩුලු 7 ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙරට අතර විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට අද (නොවැම්බර් 01) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. පළමු තරගයේදී ශතකයක්ද, දෙවැනි තරගයේදී අර්ධ ශතකයක්ද ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද ඩේවිඩ් වෝනර් මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟ නොදැවී ලකුණු 57 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ මූලිකත්වය ගෙන කටයුතු කළේය.

අදාළ හඹා යෑමේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් දක්වන ලද දුර්වල පන්දු රැකීමද ඔස්ට්‍රේලියානු පිලේ වාසියට හිටියේය. එමෙන්ම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දවා ගැනීම සඳහා ආසන්නතම අවස්ථා කීපයකටම ශ්‍රී ලංකාව එළැඹි නමුත් දශම ගණන් වල වූ පරතරය හේතුවෙන් එහි වාසියද සත්කාරක පිල සතුවීය.

සුපුරුදු පරිදි ආරම්භක කඩුල්ල වෙනුවෙන් ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළුණු නායක ඇරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල සඳහා ලකුණු 69 ක් එක් කරන ලද්දේ පන්දු 53 ක් පමණක් වැය කරමිනි. එම සම්බන්ධතාව අතරතුරදී පන්දු 6 ක් ඇතුළත වෝනර් මෙන්ම ෆින්ච් දවා ගැනීම වෙනුවෙන් අවස්ථා 2 ක් ලබා දුන් නමුත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් එය ගිලිහී ගියහ.  

එහිදී ප්‍රථමයෙන්ම නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර්, මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ලසිත් මාලිංග වෙතටද, ඊළඟ පන්දුවාරය යවන ලද ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ආරොන් ෆින්ච් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ඕෂධ ප්‍රනාන්දු අතට එම උඩ පන්දු ලබා දුන් නමුත් එම අවස්ථා දෙකම අපතේ ගියේය. එම උඩ පන්දු ලබා දෙන විට වෝනර් ලකුණු 12 ක්ද ෆින්ච් ලකුණු 15 ක්ද ලබා සිටියහ.

ළහිරු කුමාරගේම ගොදුරක් ලෙසින් ෆින්ච් දැවී යන විට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 25 කදී ලකුණු 37 ක් දක්වා සිය ඉනිම ඉහළ දමාගෙන සිටියේය.  මේ අතර ලකුණු 42 ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවකට එල්ල කරන ලද පහරක් වැරදී යෑමෙන් පන්දුව කඩුල්ලේ වැදුණු නමුත් එම අවස්ථාවේදී බේල්ස් ඉවත් නොවීම නිසා සිය ඉනිම නොබිඳුණු ඉනිමක් ලෙස තබා ගැනීමට වෝනර් වාසනාවන්ත විය.

වෝනර්ගේ පිත්තෙන් එල්ල වුණු හතරේ පහරත් සමඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වූ අතර ඔහු සමඟ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි ඇෂ්ටන් ටෙලර් පන්දු 15 කදී ලකුණු 22 ක් ලබා සිටියේ සිය ඉනිම හයේ පහර 2 කින්ද සරසා ගනිමිනි.

මෙම තරගාවලියේ ක්‍රීඩා කරන ලද තරග 3 දී ලකුණු 100 ක්, 60 ක් සහ 57 ක් වශයෙන් මුළු ලකුණු 217 ක් ලබා ගැනීමට වෝනර් සමත්වූ අතර එම ඉනිම තුනම නොබිඳී පැවැතීමද කැපී පෙනේ. එම දක්ෂතාවය මත අද තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන්ද වෝනර් පිදුම් ලැබීය.

මෙල්බර්න් තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දු යැවීම මෙන්ම පන්දු යැවීම අතර වෙනසක් නොවූ බව වටහාගෙන සිටි ඔස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් කාසියේ වාසි දිනා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. දෙවැනි තරගයට සහභාගිවුණු කණ්ඩායමේ වෙනස්කම් 4 ක් සිදු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වූ අතර ඉනිම ආරම්භය කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල විසින් සිදු කළහ.

එහෙත් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය පැවැතිවේ පළමු පන්දුවාරයේ 6 වැනි පන්දුව ක්‍රියාත්මක කරන තෙක් පමණි. මිචෙල් ස්ටාර්ක් විසින් ක්‍රියාත්මක කරන ලද එම පන්දුවාරයේදී මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියේය. සෙසු ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ද ලකුණු 13 ක් ලබා සිටියදී කේන් රිචර්ඩ්සන්ගේ ගොදුරක් ලෙසින් දැවී ගිය නමුත් තෙවැනි කඩුල්ලට එක්වූ කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීය.

එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක සමඟ ලකුණු 43 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කුසල් මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද පළමු අර්ධ ශතකයට හිමිකම් කීවේය. මුහුණ දුන් 38 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කර ගත් කුසල් සිය ලකුණු 57 ක් දක්වා දුර ගිය ඉනිම සඳහා පන්දු 45 කට මුහුණ දුන්නේය. විස්සයි-20 තරග දිවියේ 11 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු මෙම ඉනිම සඳහා කුසල් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් එල්ල කිරීමට සමත්විය. පැට් කමින්ස්ගේ පන්දු හමුවේ අවිශ්ක සහ කුසල්ගේ ඉනිම් නිමාවට පත්විය.

18 වැනි පන්දුවාරය ආරම්භ වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5 කට 118 ක් ලෙසින් සටහන් වුවත් අවසන් පන්දු 12 ඇතුළත ලකුණු 24 ක් එක් කළ භානුක රාජපක්ෂ සහ ලසිත් මාලිංග ලකුණු 143 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියානු පිලට ලබා දීමට දායකත්වය දැක්වූහ. එහිදී භානුක හයේ සහ හතරේ පහරක් සමඟ පන්දු 11 කදී ලකුණු 17 ක්ද ලසිත් මාලිංග හයේ පහරක් සමඟ පන්දු 4 කදී ලකුණු 08 ක්ද ලබා ගත්හ.

පන්දු යැවීමෙන් දඟ පන්දු යවන්නන් වුණු ඇෂ්ටන් ඒගර් සහ ඇඩ්ම් සම්පා කඩුලු දවා ගැනීමට අසමත් වූ අතර මිචෙල් ස්ටාර්ක්, කේන් රිචර්ඩ්සන් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ. දෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, ඉසුරු උදාන සහ වනිඳු හසරංග වෙනුවට භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය සහ ළහිරු කුමාර මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටියහ.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest