slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2019
“කුසලානය දිනන බව අප දැන සිටියා” – බස්නාහිර උතුර නායක

Sri Lanka Cricket

“අපට අහිමි වූයේ දිනන්න තිබූ කුසලානයක්” – වයඹ නායක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමාගම සංවිධානය කළ අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සූරතාව හිමිකරගත් බස්නාහිර උතුර (පිටත) නායක ෂෙවෝන් ඩැනියෙල් අවසාන මහා තරගයෙන් පසුව ප්‍රකාශ කළේ කුසලානය දිනාගන්නා බව තම කණ්ඩායම තුළ දැඩි විශ්වාසයක් පැවැති බවත් අවසාන තරගයේදී සියලු අංශවලින් තම කණ්ඩායම වයඹට වඩා ඉදිරියෙන් සිටි බවත්ය.

 තරගාවලිය පුරාම අප එකමුතුව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම අපගේ සාර්ථකත්වයට හේතුවූවා. පුහුණුකරුවන්ට කළමණාකරුවන්ට සංවිධායකයන්ට සහ දෙමාපියන්ට කෘතඥතාව පළකරන බවද බස්නාහිර උතුර නායකයා පැවසීය.

  බස්නාහිර උතුර (පිටත) නායක ෂෙවෝන් ඩැනියෙල් සමග ක්‍රීඩකයන් පස්දෙනෙකුම මරදාන ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කළහ. ඊට අමතරව නාලන්ද, ඩිලාසාල්, පාදුක්ක සිරිපියරතන, සහිරා සහ ශාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන්ද, බස්නාහිර උතුර කණ්ඩායමට අයත්විණි.

  අනුසූරයන් වූ වයඹ කණ්ඩායමේ නායක චතුමාල් ප්‍රනාන්දු ප්‍රකාශකළේ වයඹ වැනි ඈත ප්‍රදේශවල සිසුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙවැනි තරගාවලියක අවසාන තරගයකට සුදුසුකම් ලැබුවේ ප්‍රථමවතාවට බවත් අපට අහිමි වූයේ දිනාගත හැකිව තිබූ කුසලානයක් බවත් කීවේය. අවසාන මහා තරගය පැවැති සෙනසුරාදා (9) දිනය අප වෙනදාමෙන් දස්කම් දැක්වූ අපගේ දිනයක් වූයේ නෑ. අප සතුව දක්ෂම පිතිකරුවන් සිටියත් ඔවුනට ලකුණු අතරට ඒමට නොහැකිවූවා. අප කුසලානය දිනාගත්තා නම් වයඹ පළාත පමණක් නොව සැවොම සතුටුවනවා යැයි කටුනේරිය ශාන්ත බෙනඩික් විදුහලේ සිසුවකු වන චතුමාල් ප්‍රනාන්දු පැවසීය.

    බස්නාහිර උතුර පුහුණුකරු තාරක ප්‍රකාශ කළේ දක්ෂ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් අසමත්වූ අවස්ථාවල සෙසු ක්‍රීඩකයන් දස්කම් දැක්වීම නිසා තම කණ්ඩායමට අවසාන තරගයට ඒමට අවස්ථාව ලැබුණු බවත් ෂෙවෝන් ඩැනියෙල්, සහන් දාබරේ, රුසිරු විරෝචන, හිරාන් ජයසුන්දර හා සජිත් විතානාගේ තරගාවලිය පුරා දස්කම් පෑ පැහැදිලි අනාගතයක් ඇති ක්‍රීඩක පිරිසක් බව කීවේය. බස්නාහිර කළමණාකරු බී.ඒ.පී.මෙන්ඩිස් පැවසූවේ හංවැල්ල, පාදුක්ක, මහාමාත්‍ය ප්‍රදේශයන්හි පාසල් ක්‍රීඩකයන් සම්බන්ධ කරගෙන අපලත් ජයග්‍රහණය ගැන සතුටු වන බවත් උපරිම පහසුකම් සැපයීම පිළිබඳව ක්‍රිකට් ආයතනයට හා ප්‍රීමා සමාගමට ස්තූතිවන්ත වන බවත්ය.

    වයඹ කණ්ඩායමේ පුහුණුකරු හර්ෂ ගමඅධිකාරී ප්‍රකාශ කළේ මෙවැනි තරගාවලියක අවසාන තරගයට වයඹ තේරුණු ප්‍රථමවතාව මෙය වන අතර කෙටි දිනක් තුළ වෙලගෙදර ක්‍රීඩාංගණය උපයෝගී කරගෙන ආ මේ ගමන්මග පිළිබඳව සතුටුවන බවත්ය. වයඹ කළමණාකරු මොහාන් වික්‍රමසිංහ කීවේ තනිපුද්ගල දක්ෂතා මත විශ්වාසය නොතබා ක්‍රීඩකයන් සාමූහික කණ්ඩායමක් ලෙස ආරම්භයේ සිට ක්‍රීඩා කළ බවය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee