slc
Home   |    News
නොවැම්බර් 28, 2019
චමරිට මෙල්බර්න් රෙනගේට්ස් නියෝජනය කිරීමට ආරාධනයක්

Sri Lanka Cricket

    ශ්‍රී ලංකාවේ 20-20 කාන්තා ක්‍රිකට් නායිකාව චමරි අතපත්තුට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් රෙනගේට් කණ්ඩායම නියෝජනය කිරීමට ආරාධනයක් ලැබී ඇත. ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා 20-20 ලීග් තරගාවලියට කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටින අතර මෙල්බර්න් රෙනගේට්ස් එහි ඉදිරියෙන්ම සිටින කණ්ඩායමකි.

    චමරි අතපත්තු මීට කළින්ද රෙනගේට්ස් කණ්ඩායම නියෝජනය කර තිබේ. පසුගියදා පැවැති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේදී චමරි 20-20 සහ එක්දින තරගාවලියන් දෙකේදීම ශතක ලබා ලකුණු අතර සිටි අතර එම හේතුව මත ලබන වසරේද (20-20) චමරිට රෙනගේට්ස් කණ්ඩායම නියෝජනය කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි චමරි අතපත්තු කියයි.

    පර්ත්,සිඩ්නි ඇඩිලේඩ් ආදී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර මුල්කරගෙන කණ්ඩායම් අටක් “බිග් බෑෂ් ” තරගාවලියට සහභාගි වන අතර එක් කණ්ඩායමකට ලොව ප්‍රබලම ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් සහභාගි කරවා ගැනීමට සංවිධායක මණ්ඩලය එම කණ්ඩායම්වලට අවසරය ලබාදී තිබේ.

    මේ  තරගාවලියට සහභාගි කරගන්නා ක්‍රීඩිකාවනට ඕස්ට්‍රේලියානු ඩොලර් 35,000 – 40,000 බැගින් ලබාදෙන අතර දක්ෂතා සහ සහභාගිවන තරග අනුව එය වරින් වර වෙනස්වේ.

    චමරි අතපත්තු 2017-18 වසරයන්හි මෙම තරගාවලියට සහභාගිවී අවසාන පූර්ව තරගයට පවා තේරිණි.මෙල්බර්න් රෙනගේට්ස් කණ්ඩායමට ගියවර නවසීලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද මෙවර එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනාත් ද විදේශ ක්‍රීඩිකාවන් ලෙසට සහභාගිවිණි. ගියවර චමරි වැඩිම ලකුණු ලැබු දෙවැනි ක්‍රීඩිකාවක බවට පත්වූවාය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest