slc
Home   |    News
නොවැම්බර් 25, 2019
ඩුබායි 10-10 අවසාන තරගයේ සූරතාව ලසිත්, කසුන් හා දසුන් ක්‍රීඩා කළ මරතා ඇරබියන්ස් කණ්ඩායමට

Sri Lanka Cricket

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැති ඕවර 10-10 ක්‍රිකට් තරගාවලියේ සූරතාව ලසිත් මාලිංග , දසුන් ශානක හා කසුන් රාජිත යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩා කළ මරතා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය. 

    කණ්ඩායම් අටක් සහභාගි වූ මේ තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීමට පැවැති තරගයෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම කොලැන්ඩර්ස් පරදා තෙවන ස්ථානයට පත්විය. මේ තරගාවලියට ලසිත් මාලිංග, දසුන් ශානක, කසුන් රාජිත හා වනිඳු හසරංග මරතා ඇරබියන්ස් කණ්ඩායමත් ඇන්ජලෝ මැතිව්ස් කුසල් පෙරේරා දුෂ්මන්ත චමීර දිල්ලි-බුල්ස් කණ්ඩායමත් තිසර පෙරේරා (නායක) ෂෙහාන් ජයසූරිය, ප්‍රභාත් ජයසූරිය හා කෙවින් කොත්තිගොඩ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමත් නුවන් ප්‍රදීප් හා අසේල ගුණරත්න නොදර්න් වොරියර්ස් කණ්ඩායමත් භානුක රාජපක්ෂ (ඩෙකන් ග්ලැඩියේටර්ස්) මලින්ද පුෂ්පකුමාර (කර්නාටක ටස්කර්ස්) හා නිරෝෂන් දික්වැල්ල (ටීම් අබුඩාබි) යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15දෙනෙකුම සහභාගිවිය.

    අවසන් මහා තරගය පැවැතියේ මරතා ඇරබියන්ස් සහ ඩෙකන් ග්ලැඩියේටර්ස් අතරය. මුලින් පන්දුවට පහර දුන් ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 8කට ලබාගත්තේ ලකුණු 87කි. දෙවනි වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ පන්දු 12කදී ලකුණු 23ක් ලැබුවේ හතරේ පහරක් හා හයේ පහර දෙකක් සමගය. අසිෆ් ඛාන් පන්දු 17කදී හතරේ තුනක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 25ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 18කට කඩුල්ලක්ද කසුන් රාජිත ලකුණු 15කට කඩුල්ලක්ද ඩ්වයින් බ්‍රාවෝ ලකුණු 16කට කඩුලු 2ක්ද දවාලූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මරතා ඇරබියන්ස් ඕවර 7.2කදී ලකුණු 89ක් ලබා ජයගත්තේ කඩුලු 2ක් පමණක් දැවීයාමෙනි. සී.ඒ.වෝල්ටන් පන්දු 26කදී හතරේ හයක් හයේ තුනක් සමග නොදැවී 51ක් ලබා ජයග්‍රහණයේ නියමුවා විය.

    තෙවැනි ස්ථානයට පැවැති බංග්ලා ටයිගර්ස් සහ කොලැන්ඩර්ස් අතර තරගයෙන් පන්දු 2ක් ඉතිරිව තිබියදී බංග්ලා ටයිගර්ස් ජයගත්තේ කඩුලු හයකිනි. කොලැන්ඩර්ස් ඕවර 10කදී කඩුලු 3කට ලැබූ ලකුණු 109ට පිළිතුරු ලෙස බංග්ලා ටයිගර්ස් ඕවර 9.4කදී කඩුලු 4කට ලකුණු 113ක් ලබා ජයලැබීය. බංග්ලා ටයිගර්ස් නායක තිසර පෙරේරා අවසාන ඕවරයේ සිව්වන පන්දුවට පහරදීමට පිටියට පිවිස එම පන්දුවට හයේ පහරක් එල්ල කර ජය තහවුරු කළේය. ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 14කට කඩුලු 2ක් දවාලූවේය. 

    මරතා ඇරබියන්ස් කණ්ඩායමේ ක්‍රිස්ලයන් තරගාවලියේ වීරයා සහ තරගාවලියේ හොදම පිතිකරු ලෙස තේරිණි. අවසාන තරගයේ තීරක වූයේ රොෂාන් මහානාමය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest