slc
Home   |    News
නොවැම්බර් 14, 2019
නැගී එන පිලට කඩුලු 4 ක පරාජයක්

Sri Lanka Cricket

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (14 දා) පැවැති ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් කරට කර සටනකට පසු කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ඕමාන් ජාතික කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබා දුන් ලකුණු 269 ක ඉලක්කය හඹා ගිය ඕමාන කණ්ඩායම පන්දු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි. නැගී එන කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලැබුවද ඕමාන් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි කරවන ලද්දේ සිය ජාතික කණ්ඩායම වීම විශේෂත්වයක් ලෙසින් හැඳින්විය හැක.

අදාළ හඹා යෑමේදී ඕමාන් කණ්ඩායමේ පළමු කඩුලු 4 ම ලකුණු 90 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් ආරම්භක පිතිකරු ජතින්දර් සිං නොදැවී ලකුණු 131 ක් රැස් කර ගනිමින් ඕමාන් කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තුරුම කඩුල්ලේ රැඳී සිටීමට සමත්වූවේය. ජතින්දර්ගේ සුවිශේෂී ඉනිම සඳහා ඔහු පන්දු 150 කට මුහු දුන් අතර එහිදී හයේ පහරකින් සහ තවත් හතරේ පහර 13 කින් සිය ඉනිම වර්ණවත් කරගත්තේය.

ආරම්භය තරමක් අවදානම් වුණු මෙම හඹා යෑමේදී ජතින්දර් සිංට මනා සහයෝගයක් ලබා දුන් සුරාජ් කුමාර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 156 කදී ලකුණු 148 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕමාන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් එක් කළහ.ඒ වෙනුවෙන් සුරාජ් කුමාර්ගේ දායකත්වය හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 77 කදී ලකුණු 70 ක් විය.

අසිත ප්‍රනාන්දු විසින් සුරාජ් කුමාර්ව දවා ගැනීමට සමත් වුවද ඒ වන විට ජයග්‍රහණය සඳහා වූ සියළු වාසි ඕමාන් කණ්ඩායම වෙත ලබා දීමට මොවුන් දෙපළ සමත්වී සිටියහ. ඉනිමේ දැවී ගිය කඩුලු 6 න් 3 ක්ම අමිල අපෝන්සෝගේ නම ඉදිරියෙන් ලියැවී තිබුණේ පන්දුවාර 10 කදී ලකුනු 40 කට කඩුලු 3 ක් ලෙසිනි.

කාසියේ වාසිය දිනූ ඕමාන් පිල පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසනදී සියලු දෙනා ලකුණු 268 කට දැවී ගියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුලුල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක ආරම්භයක් එක් කිරීමට පැතුම් නිස්සංක සහ මිනෝද් භානුක සමත්වූහ.

ආරම්භක පිතිකරු ස්ථානයෙන් උසස්වීමක් ලද මිනෝද් පන්දු 35 කදී ලකුණු 33 ක් ලබා ගනිමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී අකීබ් ඉල්යාස්ගේ පන්දුවක් හමුවේ පෙරළා උඩ පන්දුවක් දී දැවී ගියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් පැතුම් නිස්සංකද ලකුණු 40 ක් ලබා ගැනීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් අර්ධ ශතක අහිමි වුවද චරිත් අසංක සහ අෂේන් බණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්හ. මෙහිදී වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 51 කදී ලකුණු 62 ක් ලබා ගන්නා ලද්දේ සිය ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් කර ගනිමිනි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද චරිත් අසලංක හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කොට ලබා ගන්නා ලද ලකුණු 57 සඳහා පන්දු 65 කට මුහුණ දුන්නේය. මොවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක් කළහ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest