slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2019
සුපිරි පළාත් තරගාවලිය කරුණු කිහිපයක් මත ඉතා වැදගත් – දඹුල්ල නායිකාව චමරි අතපත්තු කියයි

Sri Lanka Cricket

    සුපිරි අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලිය කරුණු දෙකක් මත ජාතික සංචිතයේ ක්‍රීඩිකාවනට ඉතාමත් වැදගත් වෙනවා.මේ තරගාවලියේ දි විශිෂ්ට දස්කම්පාන ක්‍රීඩිකාවනට අනිවාර්යෙන්ම ලබන පෙබරවාරියේ ලෝක කුසලානයට යාමට අවස්ථාවය උදාවෙනවා.අනෙක ලබන මස නේපාලයේ සාග් තරගාවලියට සහභාගිවන නැගී එන කණ්ඩායමේ උපරිම දක්ෂතා පෙන්වන ක්‍රීඩිකාවන්ටත් ලෝක කුසලාන දොරටුව විවෘතවනවා. මේ තරගාවලියන් දෙකේදී දස්කම් පෙන්වන ක්‍රීඩිකාවනට අනිවාර්යෙන්ම ලෝක කුසලාන තරගාවලියට අවස්ථාව ලැබෙන හෙයින් මෙයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස දඹුල්ල පළාත් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු ප්‍රකාශ කරයි. චමරි ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේදි ද ශ්‍රී ලංකා නායිකාව වූ අතර ඇය එහිදි 20-20 ශතකයක් හා එක්දින ශතකයක් ද ලැබුවාය.

    දස්කම් පෙන්වුවොත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිවන හෙයින් කිසිවෙකුට තමාව ස්ථානයක් ලැබුණේ නැතැයි කීමට නොහැකි බවද චමරි කියයි. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් නැංවීමට නම් තවත් ප්‍රධාන කරුණු දෙකක් ඉටුවිය යුතුව ඇතැයි ද චමිරි අතපත්තු පෙන්වාදෙයි. එහි පළමුවැන්නා අප කොපමණ පුහුණු වුවත් ලැබෙන ප්‍රතිඵලය අඩුවීමට පුළුවනි. කළයුත්තේ හැකිතරම් තරගවලට සහභාගිවීමයි.ඒ සදහා තරගාවලි සංචිධානය වියයුතුයි. දෙවැන්න නම් වත්මන් පාසල් ක්‍රීඩකයනට අද අවුරුදු 13න් පහළ 15න් පහළ 17න් පහළ හා  19න් පහළ තරගාවලි පවත්වා ඉන්පසුවත් ජාතික මට්ටමේ 19න් පහළ නැගී එන සංවර්ධන තරගාවලිය සංවිධානයවනවා. බාලිකාවනට මෙවැනි තත්ත්වයක් නෑ. එම නිසා පාසල් මට්ටමේ වයස්සීමා තරගවලි සංවිධානය කිරීමට ඔවුන් උනන්දු කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි.බාලිකා පාසල් අතර ක්‍රිකට් ජනප්‍රියවී වයස් සීමා තරගාවලි සංවිධානය කිරීමට ඔවුන් උනන්දු කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. බාලිකා පාසල් අතර ක්‍රිකට් ජනප්‍රියවී වයස් සීමා තරගාවලි වැඩි සංඛ්‍යාවක් පැවත්වුවහොත් පාසල් නික්මයන දක්ෂ ක්‍රීඩිකාවනට නැගීඑන සංවර්ධන සහ ජාතික සංචිතවලට ඇතුලු විය හැකියි. එවැනි සැළැස්මක් අවශ්‍යයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල දක්ෂ ක්‍රීඩිකාවන් සෙවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ලබන වසරේ තරගාවලි කිහිපයක් සංවිධානය කිරීමටත් අපේක්ෂා කරනවා. සියලු පහසුකම් ද සපයනවා. එය ඉතා හොද පියවරක් තරගාවලියන්ට වැඩිපුර සහභාගිවී ක්‍රීඩාකළ තරමටම තමයි අත්දැකීම් ලැබෙන්නේ එවිට කාන්තා ක්‍රිකට් මට්ටමත් දියුණුවනවා.

    මගේ අත්දැකීම් හා දැනුම අනුව මට පෙනීයන කරුණක්වන්නේ හර්ෂිතා මාධවී,කවීෂා දිල්හාරි, සත්‍ය සන්දීපනී සහ උමේෂා තිමේෂණි යන ක්‍රීඩිකාවනට ඉක්මනින්ම ජාත්‍යන්තරය ජයගත හැකියි. තවත් පිරිසක් ඒ අතරට පැමිණීම අවශ්‍යයි. එවිට කාන්තා ක්‍රිකට් ඉබේම දියුණුවනවා පමණක් නොව ජනප්‍රිය ද වන්නේ යැයිය චමරි අතපත්තු ප්‍රකාශ කළාය.

දඹුල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු උෂාන්ත ගුණරත්න මෙසේ කියයි.

    ශ්‍රී ලංකා ජාති කාන්තා 20-20 නායිකාව චමරි අතපත්තු සහ ඕවර 50 එක්දින නායිකාව ශෂිකලා සිරිවර්ධන යන ක්‍රීඩිකාවන් දෙදෙනාම ක්‍රීඩා කරන්නේ අපේ කණ්ඩායමටයි. ජාතික කණ්ඩායමේ කඩුලු රකින්නිය ප්‍රසාදිනී වීරක්කොඩි, හංසිමා කරුණාරත්න සහ සුගන්ධිකා කුමාරි අපගේ කණ්ඩායම නියොජනය කරනවා.

    අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට අයත් බෝපිටිය මධ්‍ය මහා විදුහලේ දෙව්මි විහංගාත් නුගේගොඩ අනුලා විදුහලේ කවුෂි නූත්යාංගනාත් අපගේ කණ්ඩායමට අයත්වේ. නැගී එන කණ්ඩායමේ ශෂිකලා සිල්වා, ඉරේෂා ශ්‍යාමලී, නිලූකා කුෂාන්ති සහ ඉරේෂා දමයන්තිගේ සේවයත් අපට ලැබෙනවා. මේ අනුව අපට දක්ෂම කණ්ඩායමක් සිටිනවා අපගේ අපේක්ෂාව තරගාවලිය ජයගැනීමයි.

    මේ තරගාවලිය සංවිධානය කිරීමෙන් වාසි හතරක් අත්වනවා.නවකයනට ජ්‍යෙෂ්ටයන් සමග ක්‍රීඩාකර අත්දැකීම් හා දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාවීම, අන්තර් සමජාවලට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් සමග ක්‍රීඩාකර තරගකාරිත්වයට හොදින් මුහුනදීමට අවස්ථාව ලබාගැනීම, මෙවැනි තරගාවලියන්ට වැඩිපුර සහභාගීවී ජාතික මට්ටමට යාමට අවස්ථාව ළගාකර ගැනීම සහ 19න් පහළ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අනිවාර්යෙන්ම කණ්ඩායමකට ඇතුළත්වීම වැනි කරුණු ඉතා වැදගත් වන්නේ යැයිද උෂාන්ත ගුණරත්න කීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee