slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2019
“මා ක්‍රිකට් පන්නරය ලැබුවේ පිරිමි ළමුන් සමග ක්‍රීඩා කරලයි” ශෂිකලා සිරිවර්ධන කියයි

Sri Lanka Cricket

මම පුංචිකාලේ ඉඳලම අයියයි තාත්තයි එක්ක ක්‍රිකට් ගැහුවා. අයියා ඉගෙනගත්ත වෙස්ලි විදුහලේ යහළුවොයි අහල පහළ පිරිමි ළමයි එක්කත් ක්‍රිකට් ගහලා තියෙනවා. එලෙස ක්‍රිකට් ආරම්භ කළ මට එම අභාෂයෙන් ශ්‍රී ලංකාවේ 19න් පහළ සහ ජාතික කණ්ඩායම්වල නායකත්වය කරා යාමට තරම් අවස්ථාව උදාවූයේ යැයි ශ්‍රී ලංකා කාන්තා එක්දින (ඕවර 50) නායිකාව ශෂිකලා සිරිවර්ධන ප්‍රකාශ කරයි.

මා උපත ලැබුවේ 1985 පෙබරවාරි 14 වැනිදා කොටිකාවත්තේදී ඉගෙනුම ලැබුවේ කෝට්ටේ ජනාධිපති විදුහලේදීයි. තාත්තා ලේට් මැෂින් වැඩ කරවන ව්‍යාපාරිකයෙක්. කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිමි ළමුන් සමග තියුණු හා තරගකාරීත්වයට මුහුණ දීමෙන් මට පහසුවෙන්ම පාසල් ශිෂ්‍යාවක ලෙසටම ජාතික කණ්ඩායමට යාමට අවස්ථාව උදාවූවා යැයි ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කිහිපවරක්ම නායකත්වය දී ඇති ශෂිකලා පවසයි.

මා ජාතික කාන්තා කණ්ඩායමට ඇතුලුවූයේ 2003 වසරේදීයි. එවිට මා අවුරුදු 17-18 ක ශිෂ්‍යාවක්. එදා කණ්ඩායමේ නායිකාව වූයේ සුදර්ශනී සිවනන්තන්. පුහුණුකරු නිහාල් කොඩිතුවක්කු. මා මුලින්ම ශ්‍රී ලංකාව නියෝජනය කළේ කොදෙව් දූපත්හි සාන්ත වින්සන්ට්හි තරගකයදීයි.2005  වසරේදී මා හට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවන විට මගේ වයස අවුරුදු 19යි. ඒ කණ්ඩායමේ ජ්‍යෙෂ්ට ක්‍රීඩිකාවන් හයදෙනෙකුම සිටියත් ඔවුනගේ පූර්ණ සහයෝගය මට හිමිවූවා.එම වසරේ සිට සිව් වතාවක්ම වරින් වර තමාට ජාතික කණ්ඩායමේ නායකත්වය හිමි වූ බව ද ඇය පවසන්නී ය.

2013 වසර අපගේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් සාර්ථකම වසරයි.මා නායකත්වය දැරූ එම වසරේ දී අපට ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී පස්වැනි තැනට ඒමට හැකි වූවා.එය මෙතෙක් අප ලබා ඇති හොදම ස්ථානයයි.එවර අපි එංගලන්තයත් ඉන්දියාවත්  පරාජය කළා.2014 දී අපි ඉන්දියාවේදීම ඉන්දියාව පරාජය කළා.

දැන් අප ගත කරන්නේ මදක් අපහසු කාලයකයි.මේ අවධිය කණ්ඩායම නැවත සාර්ථකව ගොඩ නැගෙන කාලයක් ලෙස මා දකිනවා.අවුරුදු 18-20 තරුණ දක්ෂම ක්‍රීඩිකාවන්  දැන් කණ්ඩයමට ඇතුලු වී ගෙන එනවා.දක්ෂම පිතිකාරිණියක වන හර්ෂිතා මාධවී කොළඹ ප්‍රදේශයෙන් ආ හොඳ නායිකාවක්ද වනවා. රත්ගමින් පැමිණි 18 හැවිරිදි කවීෂා දිල්හාරි තුන් ඉරියව්වේම දස්කම් පෙන්වනවා. දේවපතිරාජයෙන් පැමිණි 17 හැවිරිදි උමාෂා තිනේෂිණි දක්ෂම මැද පෙල පිතිකාරිණියක්.අපගේ කාන්තා ක්‍රිකට් අනාගතය සුබදායක ලෙස මා දකිනවා.

මා සමග වසර දහයක් පළපුරුද්ද ඇති දිලිනි මනෝදරා, උදේශිකා ප්‍රබෝධනී ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. කණ්ඩායමට අවශ්‍ය තෙක් අප අපගේ සේවය කණ්ඩායමට දෙනවා. අපට අවශ්‍ය වන්නේ රටට ගෞරවයක් කීර්තියක් අත්කරදීම යැයිද ශෂිකලා සිරිවර්ධන පවසයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee