slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2019
ලෝක කුසලානයට පෙර තවත් තරගාවලියක් සංවිධානය වනවා නම් හොඳයි – ගාල්ල නායිකාව නිලක්ෂි ද සිල්වා කියයි

Sri Lanka Cricket

අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ ක්‍රීඩා කරන්නේ මෙවැනි තරගාවලියකදී පමණක් හෙයින් මේ තරගාවලිය වැදගත්වනවා. යහපත් දේශගුණික තත්ත්වයක් තිබී එක් කණ්ඩායමක් සමග තරග දෙක බැගින් තරග හයකටවත් ක්‍රීඩාකළා නම් අපට හොඳටම පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව තිබූ බව ගාල්ල කණ්ඩායමේ නායිකාව නිලක්ෂි ද සිල්වා ප්‍රකාශ කරයි.

මෙම තරගාවලිය සංවිධානය කිරීමෙන් වැඩිම ප්‍රයෝජන අත්වන්නේ නැගී එන තරුණ ක්‍රීඩිකාවන්ගේ කණඩායමටයි. ඊට හේතුව වන්නේ ඔවුන් දෙසැම්බර් මස මුලදී නේපාලයේ සාග් තරගාවලියට සහභාගිවන නිසා මෙහිදී ප්‍රබල ජාතික ක්‍රීඩිකාවන් සමග තරගවැදී නේපාලයට ගියවිට එහිදී තරග කිරීම ඔවුනට පහසුවනවා. අනෙක් අතින් ලෝක කුසලානයට යන සියළුම ක්‍රීඩිකාවනට මෙය හොඳ පෙරහුරු තරගාවලියක් යැයි නිලක්ෂි ද සිල්වා කියයි.

          ක්‍රිකට් ආයතනය ලබාදෙන පහසුකම් පිළිබදව ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සියල්ල සතුටුවනවා. අපට ක්‍රීඩාංගණයේ මැද තණතිල්ලේ ක්‍රීඩා කිරීමට අවස්ථාව වැඩිපුර ලබාදෙනවා නම් වඩා හොදයි.ඒ වගේම දේශගුණයෙන් මේ තරගාවලියට වැඩිපුර බාධා ඇතිවනවා නම් ලෝක කුසලානයට යාමට පෙර තවත් තරගාවලියක් සංවිධානය කර දෙන මෙන් මා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිනවා යැයි ගාල්ල නායිකාව කියයි.

          අපට මේ තරගාවලියේදී ලොකු දෙයක් කිරීමට ශක්තියක් තිබූ බව මගේ විශ්වාසයයි. ඊට හේතුව මා සමග උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර අනුෂ්කා සංජීවනී,මධුශිකා මෙත්තානන්ද සහ මල්ෂා ෂෙහානී වැනි ප්‍රබලම ක්‍රීඩිකාවන් කණ්ඩායම ඇතුළත්ව තිබීමයි. අපගේ අපේක්ෂාව වී තිබුණේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීම බවද නිලක්ෂි ද සිල්වා පැවසූවාය.

ගාල්ල පුහුණුකරු රෝහිත පෙරේරා මෙසේ කියයි.

උත්පත්තියෙන්ම ක්‍රීඩාවට දක්ෂ තරුණ ළමයි අපේ කණ්ඩායමේ සිටිනවා. අපට තිබෙන්නේ ඔවුන් ඔපමට්ටම් කරදීම පමණයි. කෙටිකාලීන  හා දීර්ඝ කාලීන දෙආකාරයෙන්ම පුහුණු කළ යුතු ක්‍රීඩිකාවන් අප සතුයි. මෙවැනි තරගාවලි ඔවුනට විශාල පිටුවහලක්.

ජ්‍යෙෂ්ට ක්‍රීඩිකාවන් පිළිබදව කිවහොත් යශෝධරා මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ආරම්භක පිතිකාරිණියයි. අනූෂා සංජීවනි ආරම්භක පිතිකාරිණියක් හෝ අංක තුනෙහි ක්‍රීඩාකරනවා. නායිකාව නිලක්ෂි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක්. උදේශිකා ප්‍රබෝධනී ජාතික කණ්ඩායමේත් ආරම්භක පන්දු යවන්නියයි. ඉනෝකා රණවීර වඩා දක්ෂ ලෙස පා දග පන්දු යවනවා. අප සතුව සමබර කණ්ඩායමක් සිටිනවා යැයිද ගාල්ල පුහුණුකරු රෝහිත පෙරේරා කියයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee