slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2019
ශ්‍රී ලංකා 19න් පහළ පිල 29වැනිදා කොදෙව් දූපත් බලා යති

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දෙසැම්බර් මස 6 සිට 21 දක්වා පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ මස 29වැනිදා රාත්‍රි කොදෙව් දූපත් බලා පිටත්ව යති. 

    මේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම් වන්නේ එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්ය.

    සියළුම තරග පැවැත්වෙනුයේ ඇන්ටිගුටා දූපතේදීය. දෙසැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට පෙර තරග නවයක් කණ්ඩායම් තුන අතර පැවැත්විමට නියමිතය. එම තරග පැවැත්වෙනුයේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය, මැක්පොන්ඩ් ක්‍රීඩාංගණය සහ කූලිග්හි සී.සී.ජී.ක්‍රීඩාංගණයන් හි දීය.

    2020 ජනවාරි 17 සිට පෙබරවාරි 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මේ කණ්ඩායම් තුන තරගවදිති. කොදෙව් තුන්කොන් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 22 වැනිදා ආපසු පැමිණීම නියමිතය.

  • තරග සටහන
  • දෙසැම්බර් 6        – එංගලන්තය හා ශ්‍රී ලංකාව 
  • දෙසැම්බර් 7         – බටහිර ඉන්දීය කොදෙව් දූපත් – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 9        – කොදෙව් දූපත් – එංගලන්තය
  • දෙසැම්බර් 10        – කොදෙව් දූපත් – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 12     – එංගලන්තය – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 13     – කොදෙව් දූපත් – එංගලන්තය
  • දෙසැම්බර් 15        – කොදෙව්දූපත් – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 17        – ශ්‍රී ලංකාව – එංගලන්තය
  • දෙසැම්බර් 19        – කොදෙව් දූපත් – එංගලන්තය
  • දෙසැම්බර් 21        – අවසාන මහා තරගය

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee