slc
Home   |    News
නොවැම්බර් 20, 2019
19න් පහළ කණ්ඩායම තව තරගාවලියන් දෙකකට

Sri Lanka Cricket

බංග්ලාදේශයේ එක්දින හතරකට සහභාගිවී අඟහරුවාදා (19) රාත්‍රි ආපසු පැමිණි ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස තුන තුළ සංචාරයන් දෙකකට සහභාගිවීමට නියමිතය.

ලංකා 19න් පහළ පිල මේ මස අවසානයේ සිට කොදෙව් දූපත්හිදීත් ජනවාරි 17 සිට පෙබරවාරි 9 දක්වා දකුණු අප්‍රිකාවේදී මීළග ලෝක කුසලාන තරගාවලියටත් සහභාගිවෙති. කොදෙව් දූපත්හි ලංකා පිල සහභාගිවන්නේ ලෝක කුසලානයට සූදානම් වීමේ පෙරහුරු තරග (පුහුණු) ලෙසිනි.

2020 වසරේ ජනවාරි 17 සිට පෙබරවාරි 9 දක්වා දින 24ක කාලයක් තුළ දකුණු අප්‍රිකාවේ නගර හතරකදී පැවැත්වෙන දහතුන් වන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 16ක් ඉදිරිපත්ව සිටිති.

‘ඒ’ කොටසට ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ ජපානය අයත්වේ. ඉන්දියාව හිටපු ලෝකසූරයන්ය. ජපානය ජගත් ක්‍රිකට් සමුළුව සංවිධානය කරන මෙවැනි තරගාවලියකට සහභාගීවන ප්‍රථමවතාව මෙයවේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය පැවැත්වෙන්නේ ජනවාරි 19වැනිදා ඉන්දියාව සමගය.

මෙවර තරගාවලියේ ‘බී’ කොටසට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්දූපත් හා නයිජීරියාවත් ‘සී’ කොටසට පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තයත් ‘ඩී’ කොටසට ඇෆ්ගනිස්ථානය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ කැනඩාවත් අයත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික තරග ජනවාරි 19 ඉන්දියාව සමගත් ජනවාරි 22 නවසීලන්තය සමගත් ජනවාරි 25 ජපානය සමගත් පැවැත්වීමට නියමිතය. මූලිකවටයේ තරග පැවැත්වනුයේ ලීග් ක්‍රමයටය.

දකුණු අප්‍රිකාව මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කරන්නෙ දෙවැනි වතාවටය. 1998දී ඔවුන් ප්‍රථමවරට මේ තරගාවලිය සංවිධානය කළ අතර 2014 වසරේදී සූරතාවද දිනාගන්නා ලදී. මෙවර දකුණු අප්‍රිකාවේ මෙම තරගාවලිය පැවැත්වෙන්නේ බෙනොනි, පොට් චෙෆ්ට්‍රම්, බ්ලොම්ෆොන්ටන් හා කිම්බර්ලි යන නගර හතරේදීය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest