slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2019
ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලෙන සුපිරි පළාත් සටන 24 දා ඇරඹෙයි

Sri Lanka Cricket

BY Chamila Karawita

ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කරන ලද තවත් එක් සැලසුමක් වන කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මෙවරත් මෙම මස 24 වැනිදා සිට එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

මෙවර තරගාවලිය සඳහාද කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන පළාත් කණ්ඩායම් හතරෙහි සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එහිදී කොළඹ පිල ඕෂධී රණසිංහද, මහනුවර පිල හර්ෂිතා මාධ්‍යවීද, ගාල්ල නිලක්ෂි සිල්වා ද සහ දඹුල්ල කණ්ඩායම චමරි අතපත්තු විසින්ද මෙහෙයවනු ඇත.

අභිනව තරගාවලිය පන්දුවාර 50 තරග වශයෙන් ක්‍රියාත්මක වූ නමුත් ලබන වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් මෙවර තරගාවලිය උපයෝගී කර ගැනීමේ අරමුණ ඇතිව මෙවර තරගාවලිය විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.

ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම තරගාවලියේ අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරග සංඛ්‍යාව 7 ක් වන අතර එම සියළුම තරග කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 3 කට සහභාගිවීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් ද්විත්වය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග වරම සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමේදී ජාතික සංචිතය, නැගී එන සංචිතය, සංවර්ධන සංචිතය මෙන්ම වයස අවුරුදු 19 න් පහළ සංචිතය නියෝජනය වන පරිදි ක්‍රීඩිකාවන් නම් කිරීමද කැපී පෙනෙයි. තරගාවලිය සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු වන සේ ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සමස්ථ තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි. එහිදී  ජාතික සංචිතය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 20 දෙනෙක්, නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සිව් දෙනෙක්, නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 28 ක් සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 8 දෙනෙකු වශයෙන් තරග වැදීමට නියමිතව සිටිති.

මෙහිදී, විශ්මි රාජපක්ෂ සහ මෙත්මි දෙව්මි කොළඹ කණ්ඩායමද සචිනි නිසංසලා සහ ශිකාරි උවන්තා මහනුවර කණ්ඩායමද ඉමේෂා දුලානි සහ තෙල්ශ්‍යා චතුරංගි ගාල්ල කණ්ඩායමද ද සහ දෙව්මි විහංගා සහ කෞෂි නුත්‍යාංගනා දඹුල්ල කණ්ඩායමද වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් වරම් ලබා ඇති ක්‍රීඩිකාවෝ වෙති.

ඉකුත් වසරේදී පවත්වන ලද මෙම අභිනව තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලද ගාල්ල කණ්ඩායමේ නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන කටයුතු කළ නමුත් මෙවර තරගාවලියේදී ඇය චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක් වේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee