slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2019
චමරිට මෙල්බර්න් රෙනගේට්ස් නියෝජනය කිරීමට ආරාධනයක්

Sri Lanka Cricket

    ශ්‍රී ලංකාවේ 20-20 කාන්තා ක්‍රිකට් නායිකාව චමරි අතපත්තුට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් රෙනගේට් කණ්ඩායම නියෝජනය කිරීමට ආරාධනයක් ලැබී ඇත. ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා 20-20 ලීග් තරගාවලියට කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටින අතර මෙල්බර්න් රෙනගේට්ස් එහි ඉදිරියෙන්ම සිටින කණ්ඩායමකි.

    චමරි අතපත්තු මීට කළින්ද රෙනගේට්ස් කණ්ඩායම නියෝජනය කර තිබේ. පසුගියදා පැවැති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේදී චමරි 20-20 සහ එක්දින තරගාවලියන් දෙකේදීම ශතක ලබා ලකුණු අතර සිටි අතර එම හේතුව මත ලබන වසරේද (20-20) චමරිට රෙනගේට්ස් කණ්ඩායම නියෝජනය කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි චමරි අතපත්තු කියයි.

    පර්ත්,සිඩ්නි ඇඩිලේඩ් ආදී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර මුල්කරගෙන කණ්ඩායම් අටක් “බිග් බෑෂ් ” තරගාවලියට සහභාගි වන අතර එක් කණ්ඩායමකට ලොව ප්‍රබලම ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් සහභාගි කරවා ගැනීමට සංවිධායක මණ්ඩලය එම කණ්ඩායම්වලට අවසරය ලබාදී තිබේ.

    මේ  තරගාවලියට සහභාගි කරගන්නා ක්‍රීඩිකාවනට ඕස්ට්‍රේලියානු ඩොලර් 35,000 – 40,000 බැගින් ලබාදෙන අතර දක්ෂතා සහ සහභාගිවන තරග අනුව එය වරින් වර වෙනස්වේ.

    චමරි අතපත්තු 2017-18 වසරයන්හි මෙම තරගාවලියට සහභාගිවී අවසාන පූර්ව තරගයට පවා තේරිණි.මෙල්බර්න් රෙනගේට්ස් කණ්ඩායමට ගියවර නවසීලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද මෙවර එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනාත් ද විදේශ ක්‍රීඩිකාවන් ලෙසට සහභාගිවිණි. ගියවර චමරි වැඩිම ලකුණු ලැබු දෙවැනි ක්‍රීඩිකාවක බවට පත්වූවාය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee