slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2019
ප්‍රීමා පළාත් ක්‍රිකට් ශූරතාවේ කැපී පෙනුණු ක්‍රීඩකයෝ

Sri Lanka Cricket

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත බඳු පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන් හඳුනා ගැනීම වෙනුවෙන් කාලයක් තිස්සේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ 2019 අදියර මෙවරත් අති සාර්ථක ලෙසින් ඉකුත්දා නිමාවට පත්වූයේ බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමට ශූරතාව දිනා දෙමිනි.

ප්‍රීමා සමූහ ව්‍යාපාරය 12 වැනි වරටත් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දුන් මෙම තරගාවලි අවසන් මහ තරගයේදී චතුමාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 69 ක ජයක් වාර්තා කළ ෂෙවෝන් ඩැනියෙල්ගේ නායකත්වයෙන් යුතු බස්නාහිර පළාත් උතුරු ක්‍රීඩකයෝ ‘ප්‍රීමා චැම්පියන්ස්’ ශූරයින් ලෙස කිරුළු පැළඳූහ.

අවසන් මහ තරගයේදී වැඩිම ලකුණු රැස් කරන ලද බස්නාහිර පළාත් උතුරු පිලේ නායක ෂෙවෝන් ඩැනියල් අවසන් මහ තරගයේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානයක පමණක් නොව අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා යන සම්මානයෙන්ද පිදුම් ලැබීය. වමතින් පිත්ත හසුරුවන ෂෙවෝන් ඩැනියල්ට මෙවර තරගාවලියේ වැඩියෙන්ම ලකුණු රැස් කරන ලද පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණීමට නොහැකි වුවද ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයෙන් දෙවැනි වන්නේ එම කණ්ඩායමේම සහන් දාබරේට පමණි. වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ කණ්ඩායමට තරග කීපයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමිවූ අතර එසේ නොවුණේ නම් මෙකී දක්ෂතා මීට වඩා වෙනස් මුහුණුවරුක් ගනු ඇත.

ෂෙවෝන් ඩැනියල්ට පසු අවසන් මහ තරගයේදී අනෙක් කැපී පෙනෙන චරිතය බවට පත්වූයේ සජිත විතානගේය. වමතින් පන්දු යවන ලද සජිත වයඹ පළාත් පිලේ දැවී ගිය කඩුලු 6 න් 3 ක්ම දවා ගනිමින් බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත කැඳවාගෙන ආවේය. එම දක්ෂතාවය ප්‍රධාන කොට අවසන් මහ තරගයේ දක්ෂතම පන්දු යවන්නාගේ සම්මානයෙන් සජිත සම්මාන දිනා ගත්තේය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ලබා දුන් ප්‍රධාන සම්මාන 6 න් 3 ක්ම ශූරතා දිනා ගන්නා ලද බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම වෙත හිමි වද්දී සමස්ථ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන ලද්දේ බස්නාහිර පළාත් මධ්‍යම පිල නියෝජනය කරන ලද යුනෙත් සෙනෙවිරත්නය. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ලද යුනෙත් සෙනෙවිරත්න පිතිකරුවකු ලෙසින් තරග 4 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 45.25 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 181 ක්ද කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.83 ක් රඳවා ගනිමින් කඩුලු 6 ක්ද දවා ගනිමින් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ඒ සුවිශේෂී සම්මානය දිනාගත්තේය. යසිරු විසින් දක්වන ලද එම දක්ෂතාවයන් අතරින් තරගාවලියේ දක්ෂතා දක්වන ලද පළමු පිතිකරුවන් 10 දෙනා අතර තෙවැනි ස්ථානයේද පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයේද රැඳී සිටියි.

ඔහුට අමතරව දක්ෂතම පිතිකරුවා ලෙස මධ්‍යම පළාත් කණ්ඩායම නියෝජනය කරන ලද අංජුල බණ්ඩාර ද තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස බස්නාහිර පළාත් මඡධ්‍යම කණ්ඩායමේ යසුරු ජයසිංහ ද සහ තරගාවලියේ වීරයා ලෙසින් යුනෙත් සෙනෙවිරත්න

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – අංජුල බණ්ඩාර (මධ්‍යම පළාත)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – යසිරු ජයසිංහ (බස්නාහිර මධ්‍යම)

තරගාවලියේ වීරයා – යුනෙත් සෙනෙවිරත්න (බස්නාහිර මධ්‍යම)

අවසන් මහ තරගයේ දක්ෂතම පිතිකරුවා – ෂෙවෝන් ඩැනියල් (බස්නාහිර උතුර)

අවසන් මහ තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සජිත විතානගේ (බස්නාහිර උතුර)

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ෂෙවෝන් ඩැනියල් (බස්නාහිර උතුර)

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee