slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2019
අබීඩ් සහ මසූඩ් වාර්තාගත සම්බන්ධතාවයක

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (21 දා) තම පිති මුවහත් කරගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ දිවා ආහාරය සඳහා නතර කරන විට පාකිස්තානු ලකුණු පුවරුව 175 ක් දක්වා ඉහළ දමා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුලු දවා ගැනීමේ අවස්ථාව අහිමි කරමිනි. ඒ අනුව පාකිස්තානු පිල සිය කඩුලු 10 ම අතැතිව දැන් සිටින්නේ සංචාරක කණ්ඩායමට වඩා ලකුණු 95 ක් ඉදිරියෙනි.

අබීඩ් සහ මසූඩ් දෙදෙනා විසින් රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චි ක්‍රීඩාංගණයේදී පිතිකරුවන් යුගලයක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ පැරණි වාර්තාවද බිඳ වැටීම දිනයේ සුවිශේෂී සිදුවීම බවට පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ යුනිස් ඛාන් සහ ෆයිසාල් ඉක්බාල් එක්ව 2009 වසරේදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 174 ක සම්බන්ධතාවය විය.

පළමු දින දෙකේදී වේග පන්දු යවන්නන්ට සහයෝගය හිමි වුණත් අව් රශ්මිය පැමිණීමත් සමඟ ක්‍රමයෙන් පිතිකරුවන්ගේ රජ දහනක් බවට පත්ව තිබෙන කරච්චි තණතීරුවේදී රිසි සේ තම පිතිහැසිර වූ අබීඩ් අලී පන්දු 124 කදී ලකුණු 93 ක්ද ශාන් මසූඩ් පන්දු 116 කදී ලකුණු 78 ක් ද ලබා ශතක පෙනෙන මායිමට පැමිණීමට සමත්ව සිටියහ.

ලකුණු 53 ක් ලබමින් තෙවැනි දින ඇරඹූ පාකිස්තානුවෝ තරග ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාල සීමාවේදී යවනු ලැබූ පන්දුවාර 26 ඇතුළත ලකුණු 118 ක් රැස් කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිම අවස්ථාවක් ලබා නොදෙමිනි. ඒ අතර තුර කිසියම් සිදුවූ එකම කැපී පෙනෙන සිදුවීම වූයේ 31 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ළහිරු කුමාරගේ පන්දුවක් අබීඩ් අලීගේ පසු පාදයේ වැදීම මත කරන ලද ඉල්ලීම පමණි. ප්‍රධාන විනිසුරු එය නිෂ්ප්‍රභා කර සිටියද ඉන් සෑහීමකට පත් නොවුණු ශ්‍රී ලංකා නායකයා තෙවැනි විනිසුරුගේ සහාය අපේක්ෂා කළ නමුදු එය කඩුල්ලට ඉහළින් යන පන්දුවක් බවට පුණරූපණ වලින් පෙනී ගියේය. ඉන් සිදුවූයේ තෙවැනි විනිසුරු විමසීම සදහා ශ්‍රී ලංකාවට හිමි අවස්ථා 2 න් එක් අවස්ථාවක් අහිමි වීම පමණි.

ශාන් මසූඩ් ට අද දිනය විශේෂත්වයක් ගෙන දුන්නේ ටෙස්ට් තරග අංශයේ ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට සමත්වීමය. ළහිරු කුමාරගේ පන්දුවකට ලකුණු 2 ක් ලබා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියේ 7 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත් වමත් පිතිකරුවා ළහිරු ක්‍රියාත්මක කරන ලද ඊළඟ පන්දුවාරයේදී ලකුණක් ලබා ගනිමින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගියේය.

Active filters

Recent Posts

  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee