ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩඩායම තරගාවලිය 2-1 ක් ලෙස අද ජයග්‍රහණය කළේය.
ඩාර්වින්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කුණු 213 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 3 ක් පමණක් ශ්‍රී ලංකා ඒ පන්දු යවන්නන් හමුවේ පිරිනමමිනි.
කාසියේ වාසියත් මඟ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රීි ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පළමු කඩුලු 2 ම ලකුණු 08 කට දැවී ගිය නමුත් තෙවැනි කඩුල්ලට ලකුණු 48 ක් එක් කිරීමට කමිල් මිශාර සහ නුවනිදු ප්‍රනාන්දු සමත්වූහ. මේ අතරින් කමිල් පන්දු 50 කදී ලකුණු 27 ක් ලබා ගත් අතර නුවනිඳු පන්දු 69 කදී ලකුනු 40 ක් ලබා ගත්හ.
පන්දු 65 කට මුහුණ දුන් සහන් ආරච්චි ලකුණු 47 ක් ලබා ගත් අතර එය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. ඊට අමතරව ඉනිම අග්ගිස්සෙන් පන්දුවට පහර දීමට පැමිණි සොනාල් දිනූෂ පන්දු 40 කදී ලකුණු 36 ක්ද ඉසිත විජේසුන්දර පන්දු 24 කදී ලකුණු 23 ක් ද ලබා ගනිමින් පිතිකරණ අංශයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම පෝෂණය කළහ.
පන්දු යැවීමේදී සොනාල් දිනූෂ, ඉසිත විජේසුන්දර සහ දුෂාන් හේමන්ත එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 50 කදී සියලුම දෙනා දැවී ලකුණු 213 යි – කමිල් මිෂාර 27, නුවනිඳු ප්‍රනාන්දු 40, සහන් ආරච්චිගේ 47, සොනාල් දිනූෂ 36, ඉසිත විජේසුන්දර 23, ජැක් නිබෙට් 26/2, බ්‍රයිස් ජැක්සන් 25/2, හෙන්රි තෝර්ටන් 37/2
ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම පන්දුවාර 32.3 කදී කඩුලු 3ක් දැවී ලකුණු 215 යි – කැම්බෙල් කෙල්ලවේ 56, ජේසන් සංඝා 79, මැට් රේන්ෂෝ 62






