slc
Home   |    News
දෙසැම්බර් 17, 2019
එංගලන්තයට කඩුලු 4 ක ජයක්

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව පැවැති ඇන්ටිගුවාහි පැවැති තරගයෙන් කඩුලු හතරක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වුණු සිව්වැනි තරගය මෙය වූ අතර මීට පෙර පැවැති තරග 3 ම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි.

ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 42.4 කදී සියළු ක්‍රීඩකයින් දැවී ලබා දුන් ලකුණු 113 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල පන්දුවාර 33 ක් අවසනදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය හඹා ගියේය.එංගලන්තය වෙනුවෙන් ඩෑන් මෝස්ලි පන්දු 62 කදී හයේ පයහරක් සහ හතරේ පහයර 3 ක් සමග ලකුණු 43 ක් රැස් කරමින් එංලන්ත යොවුන් පිල ජයග්‍රහණය වෙනුවෙන් වැඩි මෙහෙයක් ලබා දුන්නේය.

පන්දු යැවීමේදී කවිඳු නදීෂාන් ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී සුධීර තිලකරත්න ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගනිමින් එංගලන්ත පිල අසීරුවට පත් කිරීමට සමත් වුවද ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට පිතිකරුවන් අපොහොසත් වීම මෙම තරග පරාජයේ මූලික හේතුව බවට පත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු කමිල් මිශාර පන්දු 50 කදී හතරේ පහර 2 ක් සමඟ නොදැවී ලකුණු 23 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිහ නිමා වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි අෂේන් ඩැනයෙල් ලකුණු 19 ක් රැස් කරන ලද්දේ පන්දු 41 කට මුහුණ දෙමිනි. ඔහුට අමතරව සොනාල් දිනූෂ පන්දු 38 කදී ලකුණු 18 ක් රැස් කළේය.  ජෝජ් බැල්ඩර්සන් සහ ස්කොට් කරී දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ කඩුලු තුන බැගින් දවාලිමිනි.

            එංගලන්තය වෙනුවෙන් ඩෑන් මවුස්ලි ලකුණු 43ක්ද (පන්දු 62යි හතරේ තුනයි හයේ එකයි) බෙන් චාල්ස්වර්න් ලකුණු 24ක්ද රැස් කළහ. නැවත වතාවක් දක්ෂ ලෙස පන්දු යැවු කවිදු නදීෂාන් ලකුණු 33කට කඩුලු තුනක් බිද දැමුවේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 42.4 කදී සියලු දෙනා දැවී ලකුණු 113 යි – (කමිල් මිෂාර 23, අෂේන් ඩැනියල් 19, දිනුෂ 18, අහන් වික්‍රමසිංහ 17, ලක්ෂාන් ගමගේ 11, ජෝර්ජ් බැල්ඩර්සන් 18/3, ස්කොට් කරී 18/3 ජෝයි එවිසන් 18/2)

එංගලන්තය ඕවර 33කදී කඩුලු 6ට ලකුණු 115යි – (ඩෑන් මවුස්ලි 43, බෙන් චාල්ස්වර්ත් 24, ජැක් හේන්ස් 19, කවිදු නදීෂාන් 33/3, සුධීර තිලකරත්න 26/2)

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest