slc
Home   |    News
දෙසැම්බර් 31, 2019
කොදෙව් තුන්කොන් සූරතාව දිනුවේ අප තුන් ඉරිය‍ව්වේම දස්කම් පෙන්වූ නිසයි නායක නිපුන් ධනංජය කියයි

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවූයේ පිතිකරුවන් සිව්දෙනෙකු පමණ නිතර ලකුණු අතර සිටීමත් පන්දු යවන්නන් තිදෙනෙකු තර්ජනාත්මකව දක්ෂ ලෙස පන්දු යැවීමත් සහ විශිෂ්ට පන්දු රැකීම යන කරුණු මතයැයි කණ්ඩායමේ නායක නිපුන් ධනංජය ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී පැවසීය.

අප මේ තරගාවලියේ දී තරග හතකට සහභාගිවූවා. ප්‍රථම තරගයේ සිට අවසානයේ අවසාන තරගය ජයගන්නා තෙක්ම අපගේ පන්දු රැකීම විශිෂ්ට තත්ත්වයක පැවැතුනා. අපගේ එම පන්දු රැකීමේ විලාශය පිළිබඳව මා පෞද්ගලිකව දැඩිලෙස සතුටුවනවා. පන්දුවට පහරදීම පිළිබඳව සඳහන් කරනවා නම් කමිල් මිෂාර තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූවා.තරගාවලිය ආරම්භයේ සිට පස්වැනි තරගය තෙක්ම මටත් ජයග්‍රහණ සඳහා පිත්තෙන් හොද දායකත්වයක් ලබාදීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම ආරම්භක පිතිකරු නවෝද්‍ය පරණවිතාන තරගාවලිය අවසාන කොටසේ ප්‍රබලම අයුරින් ලකුණු අතරට පිවිසීම අපට විශාල වාසියක් වූවා.

පන්දු යවන්නන් අතුරින් තරගාවලිය පුරාම කැපී පෙනුණේ දග පන්දු යවන කවිදු නදීෂාන්ගේ පන්දු යැවීමයි. එංගලන්ත හා කොදෙව් පිතිකරුවන් අසරණ කිරීමට නදීෂාන් සෑම තරගයකම සමත්වූවා. මීට අමතරව අම්සි ද සිල්වා සහ දිලුම් සුධීර පන්දු යැවීමේදී අප කණ්ඩායම වෙනුවෙන් මහගු සේවයක් ඉටුකළා. සමස්තයක් වශයෙන් කණ්ඩායම සියළු ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයෝගතාවයත් එකමුතුභාවයත් තමා අගය කරන්නේ යැයිද නායක නිපුන් ධනංජය පවසයි.

අප තරග වැදුණේ ඇන්ටිගුවා දූපතේදී පමණයි අප බලාපොරොත්තු වූ තරම් වියළි කාලගුණයක් එහි තිබුණේ නැහැ දේශගුණය අපේ රටේ දේශගුණයට බෙහෙවින්ම සමාන වීම අපට විශාල රුකුළක් වූවා. කෑමත් බොහෝදුරට අපට සුපුරුදු ඒවායි. තරග නැරැඹීමට ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු සිටියේ නෑ එංගලන්ත හා කොදෙව් දූපත් ජාතිකයන් කිහිපදෙනෙකු පමණක් තරග නැරැඹීමට පැමිණියා.

තරග පැවැති ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ එක් අන්තයක දැඩි සුළගක් පැවතුනා. අපේ දග පන්දු යවන්නන් හා වේගපන්දු යවන්නන් එම දිශාවෙන් පන්දු යැවීමෙන්ද උපරිම ප්‍රයෝජන ලැබුවා. ප්‍රබල පිතිකරු චමිදු වික්‍රමසිංහ හැර සෙසු සියල්ලන් හොද ශාරීරික යෝග්‍යතාවයක පසුවූවා. චමිදුට තරගාවලිය මැදද ඇතිවූ කොන්දේ ආබාධයක් මත සෙසු තරගාවලියට සහභාගිවීමට අවස්ථාව ලැබුණේනෑ.

අප සෑම තරගයකටම මුහුණදුන්නේ හොද සැලසුමක් හා සූදානමක් ඇතිවයි. අප නිතරම උත්සහ කළේ පළමු ඕවර හතලිහවන තෙක් කඩුලු ඉතාමත් අඩුවෙන් දැවී හොද ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමයි. බොහෝ අවස්ථාවන්හි එය සාර්ථකවූවා. තරගාවලිය පුරාම පුහුණු කාර්යය මණ්ඩාලය හා කළමණාකරු ලබාදුන් සහයෝගයට ස්තූතිවන්ත වන බවද නායක නිපුන් ධනංජය පැවසීය.

අපලත් මේ ජයග්‍රහණය ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට විශාල රුකුළක් වේවි. මේ අත්දැකීම්ද එහිදී ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරන බවද නිපුන් ධනංජය පවසයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest