slc
Home   |    News
දෙසැම්බර් 12, 2019
ධනංජය හයවෙනි අර්ධ ශතකය ලබයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi

සත්කාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 222 ක් ලබා සිටියේය.

පිණ්ඩි ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශය තුළ අඳුරු කාලගුණ තත්ත්වයක් පැවැතියද විදුලි ආලෝකය භාවිතා කරමින් තරගය ආරම්භ කිරීමට නියමිත වේලාවටම ආරම්භ කිරීමට විනිසුරුවන්ට හැකි වුවද පෙ.ව. 10.22 වන විට වර්ෂාව ඇද හැළීමත් සමඟ තරගය නතර කිරීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ අනුව මේ වන විට ප්‍රධාන තණතීරුව හා ඒ අවට ප්‍රදේශය වැසි ආවරණ වලින් වසා තැබීමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.

කඩුලු 5 කට ලකුණු 202 ක් ලබා සිටියදී දෙවැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ක්‍රියාත්මක පන්දුවාර 7.5 දී කිසිදු කඩුල්ලක් ලබා නොදුන් ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල තවත් ලකුණු 20 කින් හෙවත් ලකුණු පුවරුව 222 දක්වා ඉහළ දැමීමට සමත්වූහ.

තරගය පැවැති මිනිත්තු 27 ක පමණ කාලය ඇතුළත සිදුවූ එකම කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ පෙර දින ලකුණු 38 ක් ලබා සිටි ධනංජය ද සිල්වා සිය ටෙස්ට් තරග දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වීමය. ඒ අනුව තරගය නවතා දමන විට ධනංජය ද සිල්වා පන්දු 104 කට මුහුණ දෙමින් ලකුණු 54 ක්ද නිරෝෂන් දික්වැල්ල පන්දු 33 කදී ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest