slc
Home   |    News
දෙසැම්බර් 20, 2019
පස්වැනි කඩුල්ලේ වේගවත් සම්බන්ධතාවය යොවුන් පිලේ ජය වළකයි

Sri Lanka Cricket

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ගොඩනංවන ලද ලකුණු 108 ක වේගවත් ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම තරගයට පෙර කණ්ඩායම් දෙකම අවසන් මහ තරග වරම උදා කර ගැනීමට සමත්ව සිටි අතර අවසන් මහ තරගය හෙට (21 දා) කූලිජ්හිදී පැවැත්වෙනු ඇත.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත යොවුන් පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 4 කට ලකුණු 292 ක් ලබා ගැනීමට සමත්වූහ. සුපිරි පිති ප්‍රහාරයක් දියත් කළ ජෝර්ඩන් කොක්ස් පන්දු 127 කදී ලකුණු 105 ක් රැස් කරන ලද්දේ එංගලන්ත ඉනිම හමාර වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි.

එංගලන්ත ඉනිමේ 44 වැනි පන්දුවාරය තෙක් සිය පාලනයට නතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිස ජෝයි එවිෂන් පන්දු 18 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 50 ක ඉනිම හේතුවෙන් අවසන් පන්දු 37 ඇතුළත ලකුණු 108 ක් රැස් කර ගැනීමට එංගලන්ත යොවුන් පිලට හැකියාව ලැබිණ. එම සම්බන්ධතාවය ප්‍රධාන කොට 44 වැනි පන්දුවාරය අවසානයේ ලකුණු 184 කඩුලු 4 ක් ලෙසින් සටහන් වුණු එංගලන්ත ඉනිම නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 292 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය.

එංගලන්ත සමස්ථ ඉනිමේ පන්දුවට පහර දීමට පැමිණි සියළුම පිතිකරුවන් ලකුණු 20 සීමාව ඉක්මවා ලීමට සමත් වුවත් සියල්ල වෙනස් වූයේ එවිෂන්ගේ ඉනිම හේතුවෙනි. හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් එවිසන් සිය ඉනිම වර්ණවත් කරද්දී අනෙක් අන්තයේ රැඳී සිටි ශතක ලාභී කොක්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සිය ඉනිමට එක් කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 103 ක් එක් කිරීමට නවෝද් පරණවිතාන සහ කමිල් මිශාර සමත්වූහ. රවිදු රසාන්ත සහ සොනාල් දිනූෂ අර්ධ ශතක රැස් කිරීමට සමත්වීමට හැරුණු කොට සෙසු පිතිකරුවන් කිසිවකු සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවන් ලබා ගැනීමට අපොහොසත් විය. මැද පෙළින් ලකුණු අතරට ආ රවිඳු රසාන්ත පන්දු 46 කට මුහුණ දෙමින් ලකුණු 52 ක්ද සොනාල් දිනූෂ පන්දු 64 කදී ලකුණු 51 ක්ද රැස් කර ගත්හ. මෙම තරගාවලියේ ශූරයින් තීරණය කිරීම වෙනුවෙන් වූ අවසන් මහ තරගය හෙට (21 දා) කූලිජ් හි පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය

එංගලන්තය පන්දුවාර 50 කදී කඩුලු 4 ට ලකුණු 292 – (ජෝර්ඩ්න් කොක්ස් 105*, ජෝ එවිසන් 50*, ජැක් හයින්ස් 39, සෑම් යංග් 33, ටොම් ක්ලාක් 22, ලුක් හොල්මන් 24, ළහිරු ගමගේ 71/1, සොනාල් දිනූෂ 41/1, චමිදු විජේසිංහ 51/1, නවීන් ප්‍රනාන්දු 32/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 248 යි – (නවෝද් පරණවිතාන 73, කමිල් මිශාර 40, රවිඳු රසාන්ත 52, සොනාල් දිනූෂ 51, ළහිරු ගමගේ 12, ලුක් හොල්මන් 50/2, ලුවිස් ගෝල්ඩ්වර්ති 37/2)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest