slc
Home   |    News
දෙසැම්බර් 19, 2019
යොවුන් කොදෙව්වෝ ගෞරවය රැක ගනිති

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සංවිධානත්වයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායමේද සහභාගිත්වය ඇතිව සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ යොවුන් තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලට එරෙහිව පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 7 ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුවද අවසන් මහ තරග වරම උදා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල සමත්ව සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත යොවුන් පිල සමඟින් ලබන 21 වැනිදා කූලිජ්හිදී පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේ තරග 2 ක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

තරගාවලියේ සෑම කණ්ඩායමකටම තරග 6 කට බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු අතර මූලික වටය යටතේ පැවැත්වෙන අවසන් තරගය හෙට (19 දා) ශ්‍රී ලංකාව සහ එංගලන්තය තරග වදිනු ඇත. ඒ අනුව මෙතෙක් ක්‍රීඩා කරන ලද තරග 5 දී ජයග්‍රහණ 3 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සහ එංගලන්ත යොවුන් කණ්ඩායම් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට සමත්ව සිටිති.

සත්කාරකත්වය දැරුවද අවසන් මහ තරග අවස්ථාව අහිමි කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජය ගැනීමට සමත්වීමත් සමඟ ගෞරවාන්විතව තරගාවලිය අවසන් කර ගැනීමේ අවස්ථාව උදාවීම කැපී පෙනිණ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් තරගයේ දී කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලබා ගත් ලකුණු 207 හඹායාමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුලු 3 පන්දු 25 ක් තුළ දැවී ගියේ ලකුණු පුවරුවේ මුලු ලකුණු සංඛ්‍යාව 08 ක් රැඳී තිබියදීය.

එහිදී නවෝද් පරණවිතාන පළමු පන්දුවටම ලකුණු නොලබාද (00) රවිදු රසාන්ත ලකුණු 02 කටත් අහන් වික්‍රමසිංහ එක් ලකුණකටත් දැවී යෑමෙක් ශ්‍රී ලංකා ඉනිම දැඩි අසීරු තත්ත්වයකට පත්විණ.

ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් නායක නිපුන් ධනංජය නැවත වතාවක් ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවෙමින් සිව්වන කඩුල්ලට කමිල් මිෂාර සමග ලකුණු 99ක් ද හයවන කඩුල්ල වෙනුවෙන් සොනල් දිනූෂ සමඟ ලකුණු 61ක්ද ලබා ජයග්‍රහණයේ ආසන්නය වෙත තරගය රැගෙන ගියත් මුලු ලකුණු සංඛ්‍යාව 188 ක්ව තිබියදී හය වැනි කඩුල්ල ලෙසින් දැවී යෑම පසු තරගයේ වැඩි වාසි කොදෙව් වෙත දෙසට දෝලනය විය.

ලකුණු 208ක ඉලක්කයක් කරා යද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 9 කදී ලකුණු 20 ක් අවශ්‍යව පැවැතියත් ශ්‍රී ලංකා නායකයාගේ දැවී යෑමෙන් පසු එය අසීරු ඉලක්කයක් බවට පත්විය. නායකයාගේ දැවී යෑම සමඟ බිඳ වැටුණු කඩුලු 3 ඇතුළත ශ්‍රී ලංකාවට රැස් කර ගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

දැවී යනවිටත් නිපුන් ධනංජය පන්දු 128කට මුහුනදී හතරේ දෙකක් සමග ලකුණු 74ක්ද කමිල් මිෂාර පන්දු 98කදී හතරේ හතරක් හයේ පහරක් සමග ලකුණු 50ක්ද සොනාල් දිනූෂ පන්දු 40කදී හතරේ හතරක් සමග ලකුණු 45ක්ද ලබාගත්හ.

ලකුණු සාරාංශය – බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 50 දී  කඩුලු 7ට ලකුණු 207 යි – මැතිව් පැට්‍රික්ක් 57, නයිම් යංග් 55, ලෙනාඩ් ජූලියන් 19, අම්ෂි ද සිල්වා 44/5, කවිදු නදීෂාන් 40/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 8 ට ලකුණු 200 යි – (නිපුන් ධනංජය 74, කමිල් මිෂාර 50, සොනාල් දිනූෂ 45, මැතිව් ෆෝඩ් 29/2, නයිම් යන්ග් 49/3)

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest