slc
Home   |    News
දෙසැම්බර් 26, 2019
ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි-20 ට බුම්රා එයි

Sri Lanka Cricket

පිට කොන්දේ ශෛල්‍ය කර්මයකට භාජනය වීම හේතුවෙන් මාස 4 ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා වන ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහිව ලබන ජනවාරි මස පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම් කිරීමට ඉන්දීය තේරීම් වලදී තීරණය වී තිබේ.

ටෙස්ට් තරග අංශයේ 6 වැනි ස්ථානයේද පසුවන බුම්රා අවසන් වරට ඉකුත් අගෝස්තු මසදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියට ක්‍රීඩා කළ අතර ඒ අතර තුර සිදුකරන ලද පුහුණුවීම් වලදී සිය ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව වූ ගැටලුවට මුහුණ දී තිබුණි.

මේ අතර ගෙවී ගිය වසර තුළ එක්දින තරග පිටියේ වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්ව සිටින ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සහ වේග පන්දු යවන මොහොමඩ් ශමීවද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී විවේක ගැන්වීමට එම තේරීම් වලදී පියවර ගෙන තිබේ. ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි වේවක ගන්වන විට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ෂර්මා ගෙවී ගිය මාස 10 ක පමණ කාලයේ සිට ක්‍රීඩා කර ඇති නිසා ඔහු වෙහෙසට පත්ව සිටින බව එම තේරීම් වලදී තීරණය වී තිබේ. ඔහු අයි. පී. එල්. තරගාවලියේ සිට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය වන තෙක්ම පැවැති බහුතරයක් තරගාවලිවලට සහභාගිවීම ඊට හේතුව වී තිබේ.

සුලු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගාවලියේදී ස්ථානය අහිමිවූ වූ ශිකර් ධවාන්ද ශ්‍රී ලංකාවට එරෙහිව නම් කරන ලද ඉන්දීය සංචිතයට නම් කර තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24 දා) යළි දිවයිනට පැමිණි නමුත් ඉන්දියානු තරග සංචාරයට සහභාගිවන කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශයට පත් කර නොමැත.

ඉන්දීයාව සමඟ පැවැත්වෙන තරග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ලබන 05 වැනිදා ගුවාටිහි දී ආරම්භ වන අතර දෙවැනි තරගය 07 වැනිදා ඉන්දොරේහිදීද තෙවැනි තරගය ලබන 10 වැනිදා පුනේහිදීද පැවැත්වෙනු ඇත.  

ඉන්දීය විස්සයි/20 කණ්ඩායම – විරාත් කෝලි (නායක), ශිකර් ධවාන්, කේ. එල්. රාහුල්, ශ්‍රෙයාස් අයර්, මනිෂ් පාණ්ඩේ, සංජු සැම්සන්, රිෂාබ් පාන්ට්, ශිවාන් ඩුබ්. යුස්වෙන්ද්‍ර චෙහල්, කුල්දීප් යාදව්, රවීන්ද්‍ර ජඩේජා, ශාර්දුල් ඨාකූර, නව්දීප් සයිනි, ජස්ප්‍රිට් බුම්රා, වොෂිංටන් සුන්දාර්.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest