slc
Home   |    News
දෙසැම්බර් 23, 2019
ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයෝ තුන්කොන් සූරතාව දිනාගනිති

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ (යෞවනයන්) කණ්ඩායම දිනාගත්තේ අවසාන මහා තරගයේදී  ලකුණු 77කින් ප්‍රබල එංගලන්තය පහසුවෙන්ම පරාජයට පත්කරමිනි.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 265ට පිළිතුරු ලෙස එංගලන්ත යෞවනයනට ඕවර 43.1කදී ලබාගත හැකි වූයේ ලකුණු 188කි. ලෝක කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලිය අතලග තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලත් මේ අනගි ජයග්‍රහණය එම තරගාවලියට සූදානම් වීමට සුබ පෙර නිමිත්තකි. තරගයේ වීරයා වූයේ නවෝද්‍ය පරණවිතානය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය සදහා ලංකා ආරම්භක පිතිකරු නවෝද්‍ය පරණවිතාන පන්දු 119කදී (මිනිත්තු 142යි) හතරේ 16ක් සමග ලබාගත් ලකුණු 108 බෙහෙවින් දායකවිණි. ශ්‍රී ලංකා පළමු කඩුල්ලට පරණවිතාන සමග කමිල් මිෂාර (ලකුණු 69යි පන්දු 84 මිනිත්තු 85යි හතරේ 7යි හයේ එකයි) එක්ව ඕවර 24.5කදී  ලබාගත් ලකුණු 124 මේ තරගාවලිය පුරාම ලැබූ අගනාම සබදතාවයකි. ලංකා දෙවන විකට්ටුවට පරණවිතාන සමග රවිදු රසන්ත තවත් ලකුණු 65ක සබදතාවයක් තබාගත්තේ ලංකා ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 189 දක්වා ඉහළ නංවමිනි.

          රවිදු රසන්ත පන්දු 36කදී හතරේ පහරක් සමග ලකුණු 20ක්ද අහන් වික්‍රමසිංහ වේගවත් පිතිහරඹයක නිරතව පන්දු 20කදී ලකුණු 25ක් ලැබුවේ හතරේ තුනක් සමගිනි.

          එංගලන්තය වෙනුවෙන් ජේ.කොක්ස් 77ක්ද (පන්දු 102යි හතරේ හතරයි හයේ එකයි) ඒ.හේන්ස් 32ක්ද, පී.ගෝල්ඩ්ස්වර්ති 31ක්ද ලැබූහ. නැවතවරක් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවිදු නදීෂාන් ලකුණු 43කට කඩුලු 3ක් දවාලූවේය.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඕවර 50 කඩුලු 9ට 265යි.

නවෝද්‍ය පරණවිතාන 108යි, කමිල් මිෂාර 69යි, අහන් වික්‍රමසිංහ 25, රවිදු රසන්ත 20, ජී.බැල්ඩර්සන් 55ට 4යි, ආර්.කුලන් 43ට 3

  • එංගලන්ත 19න් පහළ පිල ඕවර 43.1දී 188යි.

ජේ.කොක්ස් 77, ඒ.හේන්ස් 32, ජේ.ගෝල්ඩ්ස්වර්ති 31, කමිදු නදීෂාන් 43ට 3, අෂේන් ඩැනියෙල් 25ට 2, සුධීර තිලකරත්න 31ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest