බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙවැනි තරගයේදී ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්තය පරදා ලකුණු 19ක පහසු ජයක් අත්කර ගත්තේය. ප්‍රථම තරගයේදීද ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ජයගත්තේ කොදෙව් කණ්ඩායම පරාජය කරමිනි.
ශ්‍රී ලංකා කන්ඩායමේ දෙවැනි තරගය වූ ශ්‍රී ලංකා එංගලන්ත තරගය අයහපත් කාලගුණය මත කණ්ඩායම් දෙකට ඕවර 45 බැගින් පිරිනැමිණි. එංගලන්තය කාසියේ වාසිය දිනා ඕවර 45 අවසානයේ දී කඩුලු හතරක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 149කි. නැවතත් වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය වූයේ ඕවර 37කදී ලකුණු 125ක් රැස්කිරීමය. ඕවර 37 අවසානයේ කඩුලු 4කට ලකුණු 143ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව මෙම අනගි ජයග්‍රහණය ලැබීය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැන් මවුස්ලි (38) ලුවිස් ගෝල්ඩ්ස්වර්ති (නොදැවී 34) සහ ජෝයි එවිසන් (නොදැවී 43) වාර්තා කළහ. මෙහිදී ගෝල්ඩ්ස්වර්ති සහ එවිසන් පස්වන කඩුල්ලට නොදැවී ලකුණු 66ක් එක්කළහ. කවිදු නදීශාන් ලකුණු 30කට කඩුලු 2ක් දවාලූවේය.
ශ්‍රී ලංකා පන්දුවට පහර දෙන අවස්ථාවේ මුල් විකට්ටු තුන දැවී ගියේ ලකුණු 23ක්ව තිබියදීය. සිව්වන කඩුල්ලට අහන් වික්‍රමසිංහ (නොදැවී 70යි) සහ කමිල් මිෂාර ( 33) අගනා ලකුණු 60ක සබදතාවක් ලබා එම තත්ත්වය වෙනස්කළහ. පස්වන කඩුල්ලට අහන් වික්‍රමසිංහ සමග එක්වූ නායක නිපුන් ධනංජය (නොදැවී 12යි) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ නැවතත් නොදැවී 60ක සබදතාවක් තබාගනිමිනි. අහන් වික්‍රමසිංහ පන්දු 83කදී හයේ පහරක් සහ හතරේ හයක් සමග නොදැවී ලකුණු 70ක් ලැබීය.
ලකුණු විස්තරය
- එංගලන්තය (19න් පහළ) ඕවර 45කදි කඩුලු 4ට 149යි.
ඩැන් මවුස්ලි 38, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති නොදැවී 34, ජෝයි එවිසන් නොදැවී 43, කවිදු නදීශාන් 30ට 2යි.
- ශ්‍රී ලංකාව (19න් පහළ) ඕවර 37කදී කඩුලු 4ට 143යි.
අහන් වික්‍රමසිංහ නොදැවී 70, කමිල් මිෂාර 33, නිපුන් ධනංජය නොදැවී 12, ජෝර්ජ් බැල්ඩර්සන් 20ට 2යි.
බන්දුල මොල්ලිගොඩ