slc
Home   |    News
දෙසැම්බර් 7, 2019
හර්ෂිතා මාධවී නොදැවී 106ක් ලබා ගනී

Sri Lanka Cricket

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා අවුරුදු 23න් පහළ (නැගීඑන) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව හර්ෂිතා මාධවි මාලදිවයින සමග තරගයේදී නොදැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත්වූවාය.

    මේ තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු දෙකකට ලබාගත් ලකුණු 279ට පිළීතුරු ලෙස මාලදිවයින ඕවර 14.5කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත්තේ ලකුණු 30කි. මේ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 249ක පහසු ජයක් අත්විය.

    ශ්‍රී ලංකා ඉනිමේදී හර්ෂිතා මාධවී සහ සත්‍යා සංදීපනී තෙවන කඩුල්ලට ඕවර 15කදී නොදැවී එක්කළ ලකුණු සංඛ්‍යාව 221කි. එය ඕවරයකට සාමාන්‍ය ලකුණු 14.7කි. හර්ෂිතා මාධවී පන්දු 47කදී හතරේ 15ක් හයේ තුනක් සමග නොදැවී 106ක්ද සත්‍යා සංදීපනී පන්දු 48කදී හතරේ 11ක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 96ක්ද ලබාගත්හ. දැවීගිය පිතිකාරිණියන් වූයේ උමේෂා තිමේෂිණි (18) සහ ජනාදි අමාලිය (32)

    මාලදිවයිනේ පිතිකාරිණියන් පස්දෙනෙකුම දැවී ගියේ එකම ලකුණක්වත් නොලබාමය. වැඩිම ලකුණු ලාභිනිය සාජා ෆාතිමා ලබාගත්තේ ලකුණු හයකි. ජේ.අමාලි ලකුණු දෙකකට කඩුලු තුනක්ද සත්‍යා සංදීපනි ලකුණු 13කට කඩුලු 02ක් ද දවාලූහ. 

    මේ අතර දෙසැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශය තියුණු තරගයකින් ජය ලැබීය. ශ්‍රී ලංකාව ඕවර 20කදී කඩුලු 6කට ලකුණු 122ක් ලැබූ අතර බංග්ලාදේශය ඕවර 18.3කදී කඩුලු 3කට ලබාගත් ලකුණු ප්‍රමාණය 126කි. මෙය මූලික වටයේ තරගයක් වූ අතර මේ කණ්ඩායම් දෙකම දෙසැම්බර් 08වැනිදා අවසාන තරගයකට සුදුසුකම් ලබතැයි අපේක්ෂිතය.

    ශ්‍රී ලංකා – බංග්ලාදේශය මූලික වටයේ තරගයේදී උමේෂා තිමේෂිණි ලකුණු 56ක්ද හර්ෂිතා මාධවී ලකුණු 33ක්ද රැස්කළහ.බංග්ලාදේශය සජිඩා ඉස්ලාම් පන්දු 45කදී ලබාගත් ලකුණු 51ක මත ඔවුනට ජය අත්විය. උමේෂා තිමාෂිණි ලකුණු 13කට කඩුල්ලක් බිද දැමුවාය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest