slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2019
හර්ෂිතා මාධවී නොදැවී 106ක් ලබා ගනී

Sri Lanka Cricket

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා අවුරුදු 23න් පහළ (නැගීඑන) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව හර්ෂිතා මාධවි මාලදිවයින සමග තරගයේදී නොදැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත්වූවාය.

    මේ තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු දෙකකට ලබාගත් ලකුණු 279ට පිළීතුරු ලෙස මාලදිවයින ඕවර 14.5කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත්තේ ලකුණු 30කි. මේ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 249ක පහසු ජයක් අත්විය.

    ශ්‍රී ලංකා ඉනිමේදී හර්ෂිතා මාධවී සහ සත්‍යා සංදීපනී තෙවන කඩුල්ලට ඕවර 15කදී නොදැවී එක්කළ ලකුණු සංඛ්‍යාව 221කි. එය ඕවරයකට සාමාන්‍ය ලකුණු 14.7කි. හර්ෂිතා මාධවී පන්දු 47කදී හතරේ 15ක් හයේ තුනක් සමග නොදැවී 106ක්ද සත්‍යා සංදීපනී පන්දු 48කදී හතරේ 11ක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 96ක්ද ලබාගත්හ. දැවීගිය පිතිකාරිණියන් වූයේ උමේෂා තිමේෂිණි (18) සහ ජනාදි අමාලිය (32)

    මාලදිවයිනේ පිතිකාරිණියන් පස්දෙනෙකුම දැවී ගියේ එකම ලකුණක්වත් නොලබාමය. වැඩිම ලකුණු ලාභිනිය සාජා ෆාතිමා ලබාගත්තේ ලකුණු හයකි. ජේ.අමාලි ලකුණු දෙකකට කඩුලු තුනක්ද සත්‍යා සංදීපනි ලකුණු 13කට කඩුලු 02ක් ද දවාලූහ. 

    මේ අතර දෙසැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශය තියුණු තරගයකින් ජය ලැබීය. ශ්‍රී ලංකාව ඕවර 20කදී කඩුලු 6කට ලකුණු 122ක් ලැබූ අතර බංග්ලාදේශය ඕවර 18.3කදී කඩුලු 3කට ලබාගත් ලකුණු ප්‍රමාණය 126කි. මෙය මූලික වටයේ තරගයක් වූ අතර මේ කණ්ඩායම් දෙකම දෙසැම්බර් 08වැනිදා අවසාන තරගයකට සුදුසුකම් ලබතැයි අපේක්ෂිතය.

    ශ්‍රී ලංකා – බංග්ලාදේශය මූලික වටයේ තරගයේදී උමේෂා තිමේෂිණි ලකුණු 56ක්ද හර්ෂිතා මාධවී ලකුණු 33ක්ද රැස්කළහ.බංග්ලාදේශය සජිඩා ඉස්ලාම් පන්දු 45කදී ලබාගත් ලකුණු 51ක මත ඔවුනට ජය අත්විය. උමේෂා තිමාෂිණි ලකුණු 13කට කඩුල්ලක් බිද දැමුවාය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee