slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2019
එංගලන්තයට කඩුලු 4 ක ජයක්

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව පැවැති ඇන්ටිගුවාහි පැවැති තරගයෙන් කඩුලු හතරක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වුණු සිව්වැනි තරගය මෙය වූ අතර මීට පෙර පැවැති තරග 3 ම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි.

ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 42.4 කදී සියළු ක්‍රීඩකයින් දැවී ලබා දුන් ලකුණු 113 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල පන්දුවාර 33 ක් අවසනදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය හඹා ගියේය.එංගලන්තය වෙනුවෙන් ඩෑන් මෝස්ලි පන්දු 62 කදී හයේ පයහරක් සහ හතරේ පහයර 3 ක් සමග ලකුණු 43 ක් රැස් කරමින් එංලන්ත යොවුන් පිල ජයග්‍රහණය වෙනුවෙන් වැඩි මෙහෙයක් ලබා දුන්නේය.

පන්දු යැවීමේදී කවිඳු නදීෂාන් ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී සුධීර තිලකරත්න ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගනිමින් එංගලන්ත පිල අසීරුවට පත් කිරීමට සමත් වුවද ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට පිතිකරුවන් අපොහොසත් වීම මෙම තරග පරාජයේ මූලික හේතුව බවට පත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු කමිල් මිශාර පන්දු 50 කදී හතරේ පහර 2 ක් සමඟ නොදැවී ලකුණු 23 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිහ නිමා වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි අෂේන් ඩැනයෙල් ලකුණු 19 ක් රැස් කරන ලද්දේ පන්දු 41 කට මුහුණ දෙමිනි. ඔහුට අමතරව සොනාල් දිනූෂ පන්දු 38 කදී ලකුණු 18 ක් රැස් කළේය.  ජෝජ් බැල්ඩර්සන් සහ ස්කොට් කරී දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ කඩුලු තුන බැගින් දවාලිමිනි.

            එංගලන්තය වෙනුවෙන් ඩෑන් මවුස්ලි ලකුණු 43ක්ද (පන්දු 62යි හතරේ තුනයි හයේ එකයි) බෙන් චාල්ස්වර්න් ලකුණු 24ක්ද රැස් කළහ. නැවත වතාවක් දක්ෂ ලෙස පන්දු යැවු කවිදු නදීෂාන් ලකුණු 33කට කඩුලු තුනක් බිද දැමුවේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 42.4 කදී සියලු දෙනා දැවී ලකුණු 113 යි – (කමිල් මිෂාර 23, අෂේන් ඩැනියල් 19, දිනුෂ 18, අහන් වික්‍රමසිංහ 17, ලක්ෂාන් ගමගේ 11, ජෝර්ජ් බැල්ඩර්සන් 18/3, ස්කොට් කරී 18/3 ජෝයි එවිසන් 18/2)

එංගලන්තය ඕවර 33කදී කඩුලු 6ට ලකුණු 115යි – (ඩෑන් මවුස්ලි 43, බෙන් චාල්ස්වර්ත් 24, ජැක් හේන්ස් 19, කවිදු නදීෂාන් 33/3, සුධීර තිලකරත්න 26/2)

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee