slc
logo
Home   |    News
දෙසැම්බර් 5, 2019
කාන්තා ලෝක කුසලානයට පෙර අප එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමග පුහුණු තරග දෙකකට සහභාගී වනවා – හර්ෂ ද සිල්වා කියයි

Sri Lanka Cricket

කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මස 16 සහ 18 දිනවල දී  දකුණු අප්‍රිකාව(16) සහ එංගලන්තය(18) සමග පුහුණු තරග දෙකකට ඇඩිලේඩ් නගරයේ දී  සහභාගිවීමට නියමිත බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා ප්‍රකිශ කරයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 14 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර ශ්‍රී ලංකාව අයත් වන ‘ඒ’ කොටසට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළත් වේ. “බී” කොටසට අයත් රටවල් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්, දකුණු අප්‍රිකාව,එංගලන්තය,පාකිස්තානය සහ තායිලන්තයයි .

අපගේ අපේක්ෂාව වන්නේ මූලික වටයේ දී ඉන්දියා බංගලාදේශයත් තවත් එක් රටක් සමග පෙරළිකාර ජයග්‍රහණයක් ලබා අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීම බව කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා පර්ත් නගරයේ දී නවසීලන්තය සමගත් (රාත්‍රී තරගයක්) 24 වැනි දා පර්ත් නගරයේ දී ඕස්ට්‍රේලියාව සමගත් (දිවා කාලයේ තරගයක්) 29 වැනි දා මෙල්බන් නගරයේ දී ඉන්දියාව සමගත් (රාත්‍රි තරගයක්) මාර්තු 2වැනිදා මෙල්බර්න් නගරයේ දී බංග්ලාදේශය සමගත් (දිවා කාලයේ) තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකාරියන් අටක් පන්දු යවන්නියන් පහක් සහ තුන්ඉරියව් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව හර්ෂ ද සිල්වා පවසයි. දැනට ක්‍රීඩිකාවන් 20ක් යොදවා අප පුහුණු කරවන අතර එය ජනවාරි මුල් සතිය වන විට ක්‍රීඩිකාවන් 15 කගේ සංචිතයකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා පුහුණුකරු පවසයි.

ඕස්ට්‍රේලියාවේ තණතිලි දේශගුණය අපට වඩා වෙනස්.වේග තණතිලි වල වේග පන්දු වලට මුහුණ දීමට අප ක්‍රීඩිකාවන් සූදානම් කරනවා.අවුරුදු 16න් පහළ 17න් පහළ පිරිමි ළමුන්ගේ පන්දුවලට මුහුණදීමටත් ඉඩසලසනවා.ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් ඉතා ශක්තිමත් අප ඔවුන් ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. ඔවුනගේ ප්‍රබල අංශත් දුර්වල අංශත් අප දන්නවා.ඊට සූදානම්ව අප එහි යායුතුයි. ඕස්ට්‍රේලියාව දැනට ලෝක සූරියන්වනවා. ඕස්ට්‍රේලියාවේදී අපට උදව් කිරීමටත් අපගේ ප්‍රවීණයන් රැසක් බලාසිටිනවා. ඒ සමගම පෙරහුරු තරගාවලියක් ලෙස ජනවාරි පමණ බංග්ලාදේශය මෙහි ගෙන්වා ගැනීමටත් අපේක්ෂා කරනවා. මේ සියලු කටයුතු සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපට උපරිම සහය ලබා දෙන්නේ යැයි ද හර්ෂද සිල්වා කීවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee