slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2019
19න් පහළ කණ්ඩායම කොදෙව් පිල පරදවයි

Sri Lanka Cricket

    ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේ දී අඟහරුවාදා පැවති ලංකා කණ්ඩායමේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුල්ලක ජයක් අත් විය.

    ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 138 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යද්දී කඩුලු 9ක්ම දැවී ගියේ ලකුණු 101ක් ව තිබියදීය.අවසාන කඩුල්ලට ජී.එස් දිනූෂ (නොදැවී 46) සහ ඒ ද සිල්වා (නොදැවී 10) ඕවර 8.3 කදී නොදැවී ලකුණු 31ක් රැස් කරමින් ශ්‍රී ලංකාව මේ අනගි ජයග්‍රහණය කරා ගෙන ගියහ.

    ඕවර 10ක් යවා ලකුණු 20කට කඩුලු 4ක්ම දවාලූ ලංකා කණ්ඩායමේ කවිදු නදීෂාන් තරග‍යේ වීරයා ලෙස නම් කෙරුණි.චමිදු වික්‍රමසිංහ සහ දිලුම් සුධීර  ප්‍රථම වරට මේ තරගයේ දී ලංකා 19න් පහළ වරම් ලැබීය.

    ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා  තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය. ශ්‍රී ලංකා පන්දු යැවීම උසස්ම මට්ටමක පැවති අතර කොදෙව් ක්‍රීඩකයන්  ආරම්භයේ සිටම අසීරුතාවයකින් පන්දුවට පහර දෙමින් ඕවර 50 අවසානයේ කඩුලු 9ක‍ට ලබා ගත්තේ ලකුණු 137 කි.කෙවුලන් ඇන්ඩර්සන් පමණක් දිගු ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 70කට මුහුණ දී හතරේ පහරක් සමග ලකුණු 43ක් ලැබීය. ඒ.නෙඩ්ට ලකුණු 21ක් ලබා ගැනීමට පන්දු 48කට මුහුණ දීමට සිදු විය.

    ආරම්භක පන්දු යවන ඒ.ද සිල්වා ලකුණු 18 කට කඩුලු 3ක් ද කවිඳු නදීශාන්  ලකුණු 20කට කඩුලු 4ක්ද දවා පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක්වූහ.ඒ ද සිල්වා පන්දු යැවීමට අමතරව  අවසාන පිති කරු ලෙස නොදැවී කඩුල්ලේ රැදී ලකුණු 10ක් ලබා තුන් ඉරියව්වේම කැපීපෙනුණි.

    ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ දාහත්වන ඕවරය අවසාන වන විට මුල් කඩුලු 5ම දැවීගියේ ලකුණු 50ක් තුළය. ජී.එස්.දිනූෂ (නොදැවී 46 පන්දු 63යි හතරේ 4යි) සහ නායක නිපුන් ධනංජය පෙරේරා ලකුණු 31ක්ද (පන්දු 45යි හතරේ 3යි) හයවන කඩුල්ලට ඕවර 8.3කදී ලකුණු 31ක්ද අවසාන කඩුල්ලට ජී.එස්.දිනූෂ සමග ඒ.ද සිල්වා නොදැවී 10(පන්දු 29යි හතරේ 2යි) නොදැවී ලකුණු 37ක්ද (ඕවර 9කදී) රැස්කරමින් ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. ශ්‍රී ලංකාව ජයලැබූවේ ඕවර 9.5ක් ඉතිරිව තිබියදීය.

ලකුණු විස්තරය

  • බටහිර ඉන්දීය කොදෙව් දූපත් 19න් පහළ පිල ඕවර 50කදී කඩුලු 9ට 137යි.

කේ.ඇන්ඩර්සන් 43,ජේඩන් සීල්ස් 23, ඒ.නෙඩ් 21,කවිඳු නදීශාන් 20ට 4, ඒ.ද සිල්වා 18ට 3

  • ශ්‍රී ලංකා 19න් පහළ පිල කඩුලු 9ට 139යි (ඕවර 40.1යි)

ජී.එස්.දිනූෂ නොදැවී 46 නිපුන් ධනංජය 31, ඒ.ද සිල්වා නොදැවී 10,ආර් .සිමන්ස් 31ට 3,

එන්.යන්ග් 34ට 2,ජේඩ්න් සීල්ස් 23ට 2

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest