slc
logo
Home   |    News
දෙසැම්බර් 9, 2019
23න් පහළ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවුරුදු 23න් පහළ තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තියුණු තරගයකින් පසුව බංග්ලාදේශය ලකුණු දෙකකින් ජයගෙන රන්පදක්කම දිනාගත් අතර අනුසූරියන්වූ ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය.

බංග්ලාදේශ්‍ය ඕවර 20 අවසානයේ කඩුලු අටකට ලබාගත් ලකුණු 91ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9කට ලබාගත්තේ ලකුණු 89කි. ශ්‍රී ලංකා නායිකාව හර්ෂිතා මාධවී ලකුණු 32ක් ලබා මේ තරගයේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩිකාව වූවාය.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 11.1ක් වන විට ලකුණු 42කට කඩුලු හයක්ම බිද වැටුණත් අගපෙළ පිතිකාරිණියන් කෙසේ හෝ ලකුණු තත්ත්වය 91 දක්වා ගෙන ගියහ. ප්‍රබල පන්දු යැවිමක නිරතවූ උමේෂා තිමේෂණී තම පන්දු ඕවර හතරේදී ඕවර දෙකකට ලකුණු නොදී ලකුණු අටකට කඩුලු හතරක් බිද දැමුවාය.

බංග්ලාදේශය වෙනුවෙන් නිගාර් සුල්තානා ලකුණු 29ක්ද සජිඩා ඉස්ලාම් ලකුණු 15ක්ද රැස්කළහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පහසු ඉලක්කයක් කරා පැමිණියත් ඕවර 5.5ක් වන විට ලකුණු 14කට කඩුලු තුනක් දැවී තිබිණි. එහෙත් හර්ෂිතා මාධවී, ළිහිණි අප්සරා සහ එන්.සදමිනිගෙ උත්සහය මත 17වන ඕවරය වන විට කඩුලු හයකට ලකුණු 76ක් ලබා ජයග්‍රහණයට ඕවර තුනකදි ලකුණු 16ක් පමණක් අවශ්‍යව සිටියේය. එහෙත් ඔවුනට ජයග්‍රහණ ඉලක්කය කරායාමට නොහැකිවිය.

හර්ෂිතා මාධවී ලකුනු 32ක්ද (පන්දු 33යි හතරේ හතරයි) ලිහිණි අප්සරා ලකුණු 25ක්ද (පන්දු 28යි හතරේ 2යි) එන්.සදමිනි ලකුණු 10ක්ද එක්කළහ. නහිඩා අක්ටර් ලකුණු 9කට කඩුලු 2ක් දවාලූවාය.

අංජාලි චාන් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසත් නහිඩා අක්ටර් (බංග්ලාදේශය) අවසාන තරගයේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසත් තේරිණි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee