slc
logo
Home   |    News
දෙසැම්බර් 9, 2019
23න් පහළ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවුරුදු 23න් පහළ තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තියුණු තරගයකින් පසුව බංග්ලාදේශය ලකුණු දෙකකින් ජයගෙන රන්පදක්කම දිනාගත් අතර අනුසූරියන්වූ ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය.

බංග්ලාදේශ්‍ය ඕවර 20 අවසානයේ කඩුලු අටකට ලබාගත් ලකුණු 91ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9කට ලබාගත්තේ ලකුණු 89කි. ශ්‍රී ලංකා නායිකාව හර්ෂිතා මාධවී ලකුණු 32ක් ලබා මේ තරගයේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩිකාව වූවාය.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 11.1ක් වන විට ලකුණු 42කට කඩුලු හයක්ම බිද වැටුණත් අගපෙළ පිතිකාරිණියන් කෙසේ හෝ ලකුණු තත්ත්වය 91 දක්වා ගෙන ගියහ. ප්‍රබල පන්දු යැවිමක නිරතවූ උමේෂා තිමේෂණී තම පන්දු ඕවර හතරේදී ඕවර දෙකකට ලකුණු නොදී ලකුණු අටකට කඩුලු හතරක් බිද දැමුවාය.

බංග්ලාදේශය වෙනුවෙන් නිගාර් සුල්තානා ලකුණු 29ක්ද සජිඩා ඉස්ලාම් ලකුණු 15ක්ද රැස්කළහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පහසු ඉලක්කයක් කරා පැමිණියත් ඕවර 5.5ක් වන විට ලකුණු 14කට කඩුලු තුනක් දැවී තිබිණි. එහෙත් හර්ෂිතා මාධවී, ළිහිණි අප්සරා සහ එන්.සදමිනිගෙ උත්සහය මත 17වන ඕවරය වන විට කඩුලු හයකට ලකුණු 76ක් ලබා ජයග්‍රහණයට ඕවර තුනකදි ලකුණු 16ක් පමණක් අවශ්‍යව සිටියේය. එහෙත් ඔවුනට ජයග්‍රහණ ඉලක්කය කරායාමට නොහැකිවිය.

හර්ෂිතා මාධවී ලකුනු 32ක්ද (පන්දු 33යි හතරේ හතරයි) ලිහිණි අප්සරා ලකුණු 25ක්ද (පන්දු 28යි හතරේ 2යි) එන්.සදමිනි ලකුණු 10ක්ද එක්කළහ. නහිඩා අක්ටර් ලකුණු 9කට කඩුලු 2ක් දවාලූවාය.

අංජාලි චාන් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසත් නහිඩා අක්ටර් (බංග්ලාදේශය) අවසාන තරගයේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසත් තේරිණි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee