slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2019
23න් පහළ පිරිමි ක්‍රිකට් රිදී පදක්කමත් ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

නේපාලයේ පැවැති සාග් ක්‍රීඩා උළලේ අවුරුදු 23න් පහළ පිරිමි (නැගීඑන) ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී කඩුලු 7කින් ශ්‍රී ලංකාව පරාජය කළ බංග්ලාදේශය රන්පදක්කම දිනාගත්තේය. අනූසූරයන් වූ ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීම මුලින් පැවරීය. ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 122ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ඕවර 18.1කදී කඩුලු තුනක් දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 125කි.

මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ත්‍යාගය ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ට පිරිනැමිනි. අවසාන තරගයේ වීරයා වූයේ බංග්ලාදේශයේ හසන් මහ්මුද්ය. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ඔවුනගේ සාග් කණ්ඩායමටද ඇතුළත්ව සිටියහ. ශ්‍රී ලංකාව පහසුවෙන් ජයගත් ඉරිදා (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේදී විශාල ලකුණු සංඛ්‍යා අතර සිටි ශ්‍රී ලංකාවේ ලසිත් කෲස්පුල්ලේට හා පැතුම් නිශ්ශංකට ලකුණු අතරට පිවිසීමට මෙදින නොහැකිවීම ලංකා පිලට ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයකට යාමට නොලැබුණු ප්‍රධාන හේතුවයි.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙන අවස්ථාවේ ෂම්මු අෂාන් ලකුණු 25ක්ද (පන්දු 20යි හතරේ තුනයි) පැතුම් නිශ්ශංක ලකුණු 22ක්ද (පන්දු 24යි හතරේ දෙකයි) නිශාන් මධුශංක ප්‍රනාන්දු ලකුණු 16ක්ද (පන්දු 19යි හතරේ දෙකයි) ලබාගත්හ. ලකුණු අතර සිටි කමිදු මෙන්ඩිස් (04) හා ලසිත් කෲස්පුල්ලේට (00) මෙදින ලකුණු අතරට ඒමට අවස්ථාව නොලැබිණි. හසන් මහ්මුද් ලකුණු 20ට ලංකා පිලේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු දවාලූවේය.

බංග්ලාදේශය වෙනුවෙන් සයිෆ් හසන් ලකුණු 33ක්ද සෞම්‍ය සාකර් ලකුණු 27ක්ද නායක නජ්මුල් හොසේන් නොදැවී ලකුණු 35ක්ද (පන්දු 28යි හතරේ 2යි හයේ එකයි) රැස් කරමින් තම පිල පහසු ජයග්‍රහණයකට යොමු කළහ.කමිදු මෙන්ඩිස් ලකුණු නවයකට කඩුල්ලක් දවාලූවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee