slc
logo
Home   |    News
ජනවාරි 12, 2020
තරුණ ක්‍රීඩකයනට 20-20 සංචිතයට ඇතුලුවීමට අවස්ථාවක් – දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී කියයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ආරාධිත 2019-20 මේජර් 20-20 ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමේ මෙවර මූලික පරමාර්ථය වී ඇත්තේ ලබන ඔක්තෝබරයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මීළග 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායමක් තෝරා ගැනීම යැයි ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න සඳහන් කරයි.

          විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයනට තම උපරිම දක්ෂතා පෙන්වා ශ්‍රී ලංකා 20-20 ලෝක කුසලාන සංචිතයට ඇතුළුවීමට මෙහිදී අවස්ථාව සළසා තිබෙනවා. 20-20 ජාතික කණ්ඩායම ඉන්දියාවේදී නියෝජනය කළ ක්‍රීඩකයනුත් මීට අයත්වනවා. උපරිම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයනට අනිවාර්යෙන්ම ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව සැළසෙනු ඇතැයිද චින්තක එදිරිමාන්න පවසයි.

          මේ 20-20 තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික දින දර්ශනයට ඇතුළත් තරගාවලියක් වුවත් දක්ෂ ක්‍රීඩකයනට ජාතික සංවිධානයට ඇතුළත්වීමට මෙය හොඳ අවස්ථාවක් යැයි කී චින්තක එදිරිමාන්න පසුගියදා නිමාවට පත්වූ මේජර් අන්තර් සමාජ ඕවර 50 තරගාවලියත් මේ මස ඇරැඹෙන තෙදින තරගාවලියත් ක්‍රිකට් ආයතනය සංවිධානය කරනුයේ ක්‍රීඩක දක්ෂතා ඔපමට්ටම් කරගෙන ජාත්‍යන්තර තලයට යාමට අත්වැලක් දීමට යැයිද කීය.

          මේ දිනවල ක්‍රියාත්මක වන මේජර් 20-20 ආරාධිත තරගාවලිය කොටස් හතරකට බෙදා වෙන්කර ඇති අතර ‘ඒ’ කොටසට ගාල්ල ක්‍රිකට් සමාජය, මුවර්ස්, කෝල්ට්ස්, පානදුර, බදුරලිය, බ්ලුම්ෆීල්ඩ් සහ යුනිචෙලා කණ්ඩායම් ද  ‘බී’ කොටසට එන්.සී.සී.ටැමිල් යූනියන්, සරසන්ස්, එස්.එස්.සී.නාවික හමුදාව සහ පොලීසියත් ‘සී’ කොටසට යුද හමුදාව හලාවත මේරියන්ස්, මීගමුව ගුවන් හමුදාව කුරුණෑගල තරුණ හා කලුතර කණ්ඩායම්ද ‘ඩී’ කොටසට රාගම,ලන්කන්, බී.ආර්.සී.වරාය අධිකාරිය, මහනුවර රේගුව හා නුගේගොඩ කණ්ඩායම් අයත්වේ.

          මේ තරගාවලියේ මූලික තරග ජනවාරි 15 වැනිදා නිමාවට පත්ව අර්ධ අවසාන පූර්ව තරග හතර ජනවාරි 17වැනිදා කටුනායකදී සහ සරවනමුත්තු පිටියේදී පවත්වන බව සදහන් කරන චින්තක එදිරිමාන්න අවසාන පූර්ව තරග දෙක 19 වැනිදා කටුනායකදීත් අවසාන මහා තරගය 21 වැනි අගහරුවාදා එස්.එස්.සී.පිටියේදීත් පැවැත්වෙනු ඇතැයිද කීවේය.

          ජයග්‍රාහී කණ්ඩායමට හා තරගාවලියේ දක්ෂම ක්‍රීඩකයනට ත්‍යාගද පිරිනැමෙනු ඇත.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee