slc
logo
Home   |    News
ජනවාරි 27, 2020
පළඟ ශූරතාවේ පළමු කඩඉමෙන් යොවුන් පිලට විශිෂ්ඨ ජයක්

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පළඟ ශූරතාව වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එහි පළමු තරගය බවට පත්වූ නයිජීරියාවට එරෙහිව තරගයෙන් ලකුණු 233 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට අද (27 දා) සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 307 ක ඉලක්කයක් නයිජීරියා පිල වෙත ලබා දුන් නමුත් එය හඹා යෑමේදී ඔවුන් සියළු දෙනා ලකුණු 73 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

එහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ඩිල්ෂාන් මධුශංක ලකුණු 36 කට කඩුලු 5 ක් දවා ගනිද්දී කවිඳු නදීෂාන් ලකුණු 06 ට කඩුලු 3 ක් සහ චමිදු විජේසිංහ ලකුණු 12 කට කඩුලු 2 ක් දවා ගනිමින් ප්‍රතිවාදී පිල පන්දුවාර 17.3 කදී මෙල්ල කළහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොව2න් පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ රවිදු රසාන්ත පන්දු 111 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟ නොදැවී ලකුණු 102 ක් ලබා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළේය. පළමු කඩුල්ල ලෙස නවෝද් පරණවිතාන ලකුණු 16 ක්ව සටහන්ව තිබියදී දැවී ගිය නමුත් රසාන්තට එක්වූ මොහොමඩ් ශමාස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා දැවැන්ත ඉලක්කයක් කරා යෑමේ අඩිතාලම එක් කළහ. එහිදී ශමාස්ගේ දායකත්වය ලකුණු 56 කි.

පරණවිතානගේ ඉක්ම යෑමෙන් පසු පිටියට පිවිසි රවිඳු ශ්‍රී ලංකා ඉනිම හමාර වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක නිපුන් ධනංජය සමඟ එක්ව ලකුණු 56 ක්ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූෂ සමඟ එක්ව ලකුණු 81 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී නිපුන් ලකුණු 37 ක්සහ දිනූෂ ලකුණු 43 ක් වශයෙන් කණ්ඩායමට පිත්තෙන් දායකත්වය දැක්වූහ.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 306 යි – (රවිඳු රසාන්ත 102*, මොහොමඩ් ශමාස් 56, නිපුන් ධනංජය 37, අහන් වික්‍රමසිංහ 17, සොනාල් දිනූෂ 43, චමිඳු විජේසිංහ 15, රෂීඩ් ඇබොලරීන් 50/2)

නයිජීරියා පිල පන්දුවාර 17.3 කදී සියලු දෙනා දැවී ලකුණු 73 යි – (අබ්දූල් රහමන් 15, දිල්ශාන් මධුශංක 36/5, කවිඳු නදීෂාන් 06/3, චමිඳු විජේසිංහ 12/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee