slc
logo
Home   |    News
ජනවාරි 7, 2020
පිතිකරුවන්ට වාසිදායක තණතීරුවේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉන්දොරේහිදී අද (07 දා) පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාට් කෝලි පිතිකරුවන්ට පාරාදීසයක් බඳු ඉන්දොරේ තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව විවර කර දුන්නේය.


වර්ෂාව හේතුවෙන් කාසියේ වාසියට පමණක් සීමා වුණු පළමු තරගයට නම් කරන ලද කණ්ඩායම් වල කිසිදු වෙනසක් නොකරමින් කණ්ඩායම් දෙකම අද තරගයට අවතීර්ණ වී සිටිති. තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වන ඉන්දොරේහිදී ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙනවාට හඹා යෑම පහසු බව වටහා ගෙන සිටින ඉන්දීය නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක කණ්ඩායමට ලබා දුන්නේය.
කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ද පවසා සිටියේ කාසියේ වාසිය තමන් සතු වූයේ නම් මෙම තණතීරුව හඹා යෑමට තමාද තීරණය කර සිටි බවයි.


ඒ අනුව අද තරගයටද ශ්‍රී ලංකා පිල අවතීර්ණව ඇත්තේ පළපුරුදුම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් රහිතවය. ඊට අමතරව කුසල් මෙන්ඩිස්ටද අද තරගයේදී වෙන්ව ඇත්තේ අතිරේක ක්‍රීඩකයින්ට හිමි බංකුව වේ.


පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණු බැවින් ලබන අගෝස්තු මසදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කර ගැනීම සඳහා මෙම වසරේදී කණ්ඩායම් 2 ම ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙන පළමු තරගය වන්නේ අද පැවැත්වෙන තරගය වේ. ලෝක කුසාන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට පෙර ඉන්දියානු පිලට තවත් විස්සයි-20 තරග 22 කටද ශ්‍රී ලංකාව තරග 10 කටද සහභාගිවීමට නියමිතය.


ශ්‍රී ලංකා කණ්ඩායම – 1. අවිශ්ක ප්‍රනාන්දු, 2. ධනුෂ්ක ගුණතිලක,3. කුසල් පෙරේරා, 4. ඕෂධ ප්‍රනාන්දු, 5. භානුක රාජපක්ෂ, 6. ධනංජය ද සිල්වා, 7. දසුන් ශානක, 8. ඉසුරු උදාන, 9. වනිඳු හසරංග, 10. ලසිත් මාලිංග (නායක), 11. ළහිරු කුමාර.
ඉන්දියානු කණ්ඩායම – 1. ලෝකේෂ් රාහුල්, 2. ශිකර් ධවාන්, 3. විරාට් කෝලි (නායක), 4. ශ්‍රෙයාස් අයියර්, 5. රිෂාබ් පාන්ට්, 6. ශිවම් ඩූබ්, 7. වොෂිංටන් සුන්දර්, 8. කුල්දීප් යාදව්, 9. ශර්දුල් ඨාකූර්, 10. නව්දීප් සානි, 11. ජස්ප්‍රිට් බුම්රා.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee