By Chamila Karawita
කුමාර් සංගක්කාරගෙන් පසු ගෙවී ගිය වසර 5 ක කාල සීමාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා බවට ඇන්ජලෝ මැතිව්ස් පත්වීම නිසා හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (22 දා) සිම්බාබ්වේ පිලට වඩා පළමු ඉනිමේදී ලකුණු 157 ක වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.
මැතිව්ස්ගේ නොබිඳුණු ද්විත්ව ශතකය වටා එතුණු ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 515 ක් ව තිබියදී 9 වැනි පිතිකරුවා ලෙසින් කසුන් රජිත දැවී යෑමත් සමඟ අත්හිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය. ඒ අනුව නැවතත් පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සිව්වැනි දිනට තරගය නිමා කරන විට කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා සිටියි.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ප්‍රින්ස් මසාවුරේ ලකුණු 15 ක් සහ තුවාල ලැබූ කෙවින් කසූසාගේ අනුප්‍රාප්තිකයා ලෙසින් පැමිණි බ්‍රයන් මුඩිසින්ගන්යමා ලකුණු 14 ක් ලබා තරගයේ පස්වැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ සූදානමින් පසුවෙති. ක්‍රීඩකයකු ආබාධයකට ලක් වුවහොත් අතිරේක ක්‍රීඩකයකුට පන්දුවට පහර දීමේ අවස්ථාව සලසාලමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ගෙන එන ලද නව නීතිය හේතුවෙන් මුඩින්ගන්යාමාට එම අවස්ථාව උදාවිය.
මෙතෙක් තරගයේ කැපී පෙනෙනම පිතිහරඹය දියත් කරන ලද මැතිව්ස්ගේ ද්විත්ව ශතකය ලබා ගැනීමට පෙර සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණියව පිට පිට පන්දු 2 කදී දවා ගැනීමට සිකන්දර් රාසා සමත්වීම නිසා මැතිව්ස්වේ ද්විත්ව ශතකය ලබා ගැනීම තරමක අවධානමක් එක් කළේය. ඒ වන විටත් සිය මංගල ද්විත්ව ශතකය සඳහා ලකුණු 4 ක් මෑතින් සිටි මැතිව්ස් ඒ සඳහා තවත් පන්දු 13 ක් ඉවසීමට සිදුවිය.
රාසාගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කරමින් පන්දුව හතරේ සීමාවට යෑමට සැලැස්වූ මැතිව්ස් වසර 11 කට අධික ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කීවේය. මෙම ද්විත්ව ශතකය ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ කුමාර් සංගක්කාර වේ. ඔහු අවසන් වරට 2015 වසරේ ජනවාරි මස නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි පැවැති තරගයේදී ලකුණු 203 ක් ලබා ගැනීමට සමත්විය.
පුරා හෝරා 10 ක කාලයක් පිටියේ රැදී සිටි මැතිව්ස්ගේ ලකුණු 200 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 468 කට මුහුණ දී තිබිණ. මුහුණ දුන් පන්දු අතරින් තුන් වතාවක් හයේ පහර ලෙසින්ද 16 වතාවක් හතරේ පහර ලෙසින්ද සිය ඉනිම වර්ණවත් කර ගැනීමටද මැතිව්ස් සමත්වූවේය.
මැතිව්ස් සමඟ දිනය ඇරැඹ ධනංජය ද සිල්වා වික්ටර් නියාව්චිගේ තෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 63 ක් ලබා සිටියදී දැවී ගිය නමුත් දික්වැල්ලට එක්වූ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. තවමත් ටෙස්ට් ශතකයක් ලබා නොමැති දික්වැල්ලට අද දිනයේදී සිය අඩුපාඩුව මඟහරවා ගැනීමට හොඳම අවස්ථාවක් පැවැති නමුත් සිකන්දර් රාසාගේ පන්දු යැවීම ඊට හරස් විය. ලකුණු 45 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව නියාව්චිගේ අතින් ගිලිහී ගියද එය ශතකයක් දක්වා පරිවර්තනය කර ගැනීමේ වාසනාව දික්වැල්ලට නොතිබිණ. අවසානයේ දික්වැල්ලද ලකුණු 63 කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය 6 වැනි පිතිකරුවා බවට පත්වෙමිනි.
ලකුණු පුවරුව | |||
සිම්බාබ්වේ | |||
ප්‍රින්ස් මසාවුරේ | ඇ.දිමුත් කරුණාරත්න | ප.ලසිත් ඇඹුල්දෙණිය | 55 |
කෙවින් කසූසා | කඩුල්ල මුවා කළා | ප.ළහිරු කුමාර | 63 |
ක්‍රෙග් අර්වින් | ප.සුරංග ලක්මාල් | 85 | |
බ්‍රෙන්ඩන් ටේලර් | කඩුල්ල මුවා කළා | ප.සුරංග ලක්මාල් | 21 |
ෂෝන් විලියම්ස් | ස්ට.නිරෝෂන් දික්වැල්ල | ප.ලසිත් ඇඹුල්දෙණිය | 18 |
සිකන්දර් රාසා | ස්ට.නිරෝෂන් දික්වැල්ල | ප.ලසිත් ඇඹුල්දෙණිය | 41 |
රෙගිස් චකබ්වා | ඇ.ඇන්ජලෝ මැතිව්ස් | ප.ලසිත් ඇඹුල්දෙණිය | 08 |
ඩොනල්ඩ් ටිරිපානෝ | නොදැවී | 44 | |
කයිල් ජාර්විස් | ප.ලසිත් ඇඹුල්දෙණිය | 01 | |
අයින්ස් ඩොලුවා | ඇ.කුසල් මෙන්ඩිස් | ප.ළහිරු කුමාර | 05 |
වික්ටර් නියාව්චි | ඇ.ලක්ෂාන් සඳකැන් | ප.සුරංග ලක්මාල් | 11 |
අතිරේක | 06 | ||
එකතුව පන්දුවාර 148 කදී සියලු දෙනා දැවී ලකුණු | 358 | ||
කඩුලු වැටීම – 1-96 (මසාවුරේ), 2-164 (කසූසා), 3-203 (ටේලර්), 4-247 (විලියම්ස්), 5-247 (අර්වින්), 6-266 (චකබ්වා), 7-307 (රාසා), 8-309 (ජාර්විස්), 9-328 | |||
පන්දු යැවීම | |||
සුරංග ලක්මාල් 27-10-53-3 | කසුන් රජිත 29-9-55-0 | ||
ලසිත් ඇඹුල්දෙණිය 42-9-55-5 | ළහිරු කුමාර 29-8-82-2 | ||
ධනංජය ද සිල්වා 21-8-50-0 | |||
ශ්‍රී ලංකාව – පළමු ඉනිම | |||
දිමුත් කරුණාරත්න | ඇ.අයින්ස් ඩොලුවා | ප.වික්ටර් නියාව්චි | 37 |
ඕෂධ ප්‍රනාන්දු | ප.ටිරිපානෝ | 21 | |
කුසල් මෙන්ඩිස් | ඇ.බ්‍රෙන්ඩන් ටේලර් | ප.වික්ටර් නියාව්චි | 80 |
ඇන්ජලෝ මැතිව්ස් | නොදැවී | 200 | |
දිනේෂ් චන්දිමාල් | ඇ.සහ | ප.ෂෝන් විලියම්ස් | 12 |
ධනංජය ද සිල්වා | ඇ.ප්‍රින්ස් මසාවුරේ | ප.වික්ටර් නියාව්චි | 63 |
නිරෝෂන් දික්වැල්ල | කඩුල්ල මුවා කළා | ප.සිකන්දර් රාසා | 63 |
සුරංග ලක්මාල් | ස්ට.රෙගිස් චකබ්වා | ප.සිකන්දර් රාසා | 27 |
ලසිත් ඇඹුල්දෙණිය | ප.සිකන්දර් රාසා | 00 | |
කසුන් රජිත | කඩුල්ල මුවා කළා | ප.ෂෝන් විලියම්ස් | 01 |
අතිරේක | 11 | ||
එකතුව පන්දුවාර 176.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු | 515 | ||
කඩුලු වැටීම – 1-32 (ඕෂධ), 2-92 (දිමුත්), 3-184 (මෙන්ඩිස්), 4-227 (චන්දිමාල්), 5-325, 6-461 (දික්වැල්ල), 7-510 (ලක්මාල්), 8-510 (ඇඹුල්දෙණිය), 9-515 (කසුන්) | |||
කයිල් ජාර්විස් 37-12-84-0 | වික්ටර් නියාව්චි 32-7-69-3 | ||
ඩොනල්ඩ් ටිරිපනෝ 31-3-82-1 | අයින්ස් ඩොලුවා 28-3-107-0 | ||
ෂෝන් විලියම්ස් 32.2-3-104-2 | සිකන්දර් රාසා 16-0-62-3 | ||
සිම්බාබ්වේ – දෙවැනි ඉනිම | |||
ප්‍රින්ස් මසාවුරේ | නොදැවී | 15 | |
බ්‍රයන් මුඩිසින්ගන්යමා | නොදැවී | 14 | |
අතිරේක | 01 | ||
එකතුව පන්දුවාර 17 කදී කිසිවකු නොදැවී ලකුණු | 30 | ||
පන්දු යැවීම | |||
සුරංග ලක්මාල් 5-2-04-0 | කසුන් රජිත 3-2-07-0 | ||
ධනංජය ද සිල්වා 3-2-04-0 | ළහිරු කුමාර 4-1-12-0 | ||
ලසිත් ඇඹුල්දෙණිය 2-1-03-0 |