slc
logo
Home   |    News
ජනවාරි 20, 2020
යොවුන් ක්‍රීඩකයෝ පළමු සටනේදීම පසුබසිති

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිටයේ පළමු සටන අරඹමින් ශ්‍රී ලංකා යොවුන් පිල තරග වැදි පළමු තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 90 ක පරාජයක් අද (19 දා) අත්විඳීමට සිදුවිය.

මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයේදී ලකුණු 298 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45 කුත් පන්දු 2කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. බ්ලූම්ෆොන්ටයින්හිදී පැවැති මෙම තරගයේදී සටන්කාමී පිතිහරඹයක නිරත වූ නායක නිපුන් ධනංජය අර්ධ ශතකයක් ලබා ගනිමින් පන්දුවට පහර දුන් නමුත් සෙසි පිතිකරුවන්ගේ දායකත්වය අහිමිව යෑමෙන් එම ඉනිම හුදෙකලා ඉනිමක් බවට පත්විය.

පන්දු 59 කින් සමන්විත නිපුන්ගේ ඉනිම සඳහා හතරේ පහර 2 ක් සහහයේ පහරක් ඇතුළත් වූ අතර රවිදු රසාන්ත පන්දු 70 වකදී ලකුණු 49 ක් ලබා ගත්තේය. බලාපොරොත්තු තබා තිබෙන ආරම්භක පිතිකරු කමිල් මිශාර ලකුණු 15 කටද අනෙක් ආරම්භක පිතිකරු නවෝද් පරණ විතාණද ලකුණු 06 කට දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයම අසාර්ථක විය.

පිතිකරුවකු ලෙස බලාපොරොත්තු තබමින් මෙම තරගයට කැඳවන ලද තවීෂ අභිසේක් ටද රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 15 ක් පමණි. ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 6ම ලකුණු 26 ක් තුළ බිඳ වැටීම මෙතරම් පරතරයකින් පරාජයට වීමට මූලාශ විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් පිතිකරුවෝ පන්දුවාර 50 අවසනදී කඩුලු 4 කට ලකුණු 297 ක් රැස් කළහ. ඉන්දීය පිලෙ වෙනුවෙන් ඩරුව් ජුරෙල් ලකුණු 52 ක් රැස් කරද්දී ආරම්භක පිතිකරු යෂාස්වි ජයිස්වාල් ලකුණු 59ක් ලබා ඉන්දීය ඉනිම පෝෂණය කළහ. ඔවුන්ට අමතරව ප්‍රියාන් ගාර්ග් ඉන්දියාව වෙනුවෙන් අනෙක් අර්ධ ශතක ලාභී පිතිකරුවා බවට පත්විය.

ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවන දෙවැනි තරගය ලබන බදාදා (22 දා) බ්ලුම්ෆොන්ටන්හිදී නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය

ඉන්දියාව පන්දුවාර 50 කදී කඩුලු 4 කට ලකුණු 297 යි – (යෂාස්වි ජායිස්වල් 59, ඩව්යාෂ් සෂින 23, ටිලක් වර්මා 46, ප්‍රියාම් ගර්ග් 56, ඩරුව් ජුරෙල් 52*, සිද්දෙස් වීර් 44*)

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 45.2 කදී ලකුණු 207 යි – (නවෝද් පරණවිතාන 06, කමිල් මිශාර 39, රවිදු රසාන්ත 49, තවීෂ අභිෂේක් 15, නිපුන් ධනංජය 50, සොනාල් දිනූෂ 16, කවිඳු නදීෂාන් 04, අෂේන් ඩැනියෙල් 00, අම්ෂි ද සිල්වා 05, ඩිල්ෂාන් මධුශංක 04, මතීෂ පතිරණ 00*, ආකාෂ් සිං 29/2, සිද්දේස් වීර 34/2, රවී බිෂ්නෝසි 44/2)

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee