slc
logo
Home   |    News
ජනවාරි 13, 2020
යොවුන් පුහුණුකරුගෙන් අනාවැකියක්…

Sri Lanka Cricket

වත්මන් අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු පිළිබදව මට අනාවැකියක් පළකළ හැකියි. ඒ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පිළිබදවයි. ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අනාගතයේ හැකියාව උදාවන අතරම කළකදී ඔහු එක්දින සහ ටෙස්ට් දෙඅංශයෙන්ම ලකුණු දසදහස ඉක්මවනවා” යි ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර තිලකරත්න මහතා සමඟ සිදුකරන ලද සාකච්ඡාවක සාරාංශය පහතින් දැක්වේ.

ප්‍රශ්නය :- මෙවැනි අනාවැකියක් ඔබ පළකරන්නේ කුමන හේතුවක් මත පදනම්වද.. ?

පිළිතුර :-  මා මෙය කියන්නේ එක්දින හා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස වසර ගණනාවක් ක්‍රීඩා කිරීමෙන්  සහ පුහුණුකරුවකු ලෙස ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද මතයි. නිපුන් ධනංජයව මේ අවදියේ සිටම හොඳින් බලාගෙන නිසි පුහුණුව හා පහසුකම් සැපයීමෙන් ඔහුට වසර 34-35ක් වන විට අනිවාර්යෙන්ම එක්දින හා ටෙස්ට් ලකුණු දසදහස බැගින් ඉක්මවීමට පුළුවනි.

ප්‍රශ්නය :-  කණ්ඩායමේ සෙසු දක්ෂයන් පිළිබදවත් ඔබට යමක් කිව හැකි ද?

පිළිතුර :–  නිපුන් ධනංජය සහ කවිදු නදීෂාන් ඒ අතර කැපී පෙනෙනවා. පා දඟ පන්දු යවන නදීෂාන් පසුගිය කොදෙව් තුන්කොන් තරගාවලියේ කඩුලු 18ක් ලබාගත්තා. අපට පෙනී ගියා අපගේ ඉදිරි පෙළමඳ දුර්වලතාවයක් තියෙනවා කියලා. ඒ සඳහා අප තව පිතිකරුවන් දෙදෙනෙකු යොදා ගන්නවා. තවීෂ අභිෂේක් තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවෙකි. මතීෂ පතිරණව අප ජාත්‍යන්තර තරගවලට නොයොදවා තියා ගත්තේ මෙවැනි ප්‍රධාන තරගාවලියකට යොදවීමටයි. එසේ නොවූවානම් වෙනත් කණ්ඩායම් ඔහු අධ්‍යානය කර ඊට පෙර පුහුණුවක් ලබනවා.

ප්‍රශ්නය :-  පසුගිය දිනවල 19න් පහළ පිල දඹුල්ලේ පුහුණුවූවා. එහි ප්‍රගතිය කෙසේද?

පිළිතුර :-  ඔව්. අපි දින හතරක් දඹුල්ලේ දී නේවාසික පුහුණුවක් ලැබුවා. පුහුණු තරගවලට අමතරව අප සාර්ථක පුහුණු සැසිවාරයන් කිහිපයක්ම පැවැත්වුවා. සෑම ක්‍රීඩකයකුම වෙන වෙනම ගෙන්වා ඔවුනගේ සියළුම දත්ත අඩංගු ලිපිගොනු සකස් කර පරිගණක ගත කළා. පිතිකරණය, දඟ පන්දු වේග පන්දු හා පන්දු රැකීම යන අංශවලින් ඔහු දක්වන දක්ෂතා පිළිබදව ඔහුව හොදින් දැනුවත් කළා. ක්‍රීඩකයාගේ දක්ෂතාත් දුර්වලතාත් සකස්කර ගන්නා ආකාරයත් වීඩියෝ මගින් පෙන්වා දුන්නා. ක්‍රීඩකයන් හොදින් අධ්‍යයනය කර සාර්ථකව දැනුවත් කළා. එම ප්‍රතිඵල ඉදිරියේදී ලැබේවි.

ප්‍රශ්නය :-  19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන දකුණු අප්‍රිකාවේ දේශගුණය තණතිලි සහ වෙනත් අදාළ කරුණු පිළිබදව ලංකා ක්‍රීඩකයනගේ අවබෝධය කෙසේද?

පිළිතුර :- දකුණු අප්‍රිකාවේ පසුගිය වසර තුන තුළදී නොවැම්බර් සිට පෙබරවාරි දක්වාම දේශගුණය පිළිබදවත් තණතිලි හැසිරෙන ආකාරය පිළිබදවත් අප සමීක්ෂණයක් කළා. එක් එක් ක්‍රීඩකයනට වාසිදෙන තණතිලි පිතිකරණ රටාවන් පිළිබදවත් අප ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොදින් දැනුවත් කර තිබෙනවා. මෙයින් ඔවුනට කුසලතා දියුණු කරගත හැකියි.

ප්‍රශ්නය:-  ඔබ කීවා ඉදිරිපෙළ පිතිකරණය බෙහෙවින් ශක්තිමත් කර ඇති බවක්. මැදපෙළත් ශක්තිමත් විය යුතු නොවේද?

පිළිතුර :-  අපගේ මැදපෙළ පිතිකරණයන් හොදයි. මැදපෙළ පිතිකරුවන්ට ඕවර 40 තෙක් තරගය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබදව අප උපදෙස් දී තිබෙනවා. අපේ පිතිකරුවනට පන්දු 120කදි ලකුණ බැගින් ලකුණු 120ක් ලබාගැනීමට හැකිනම් අපට ලකුණු 280ක් වැනි ආසන්න සංඛ්‍යාවකට යා හැකියි.

ප්‍රශ්නය :- 2020 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ කුමන තත්ත්වයක ද?

පිළිතුර :- වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම මාස තුන හතරක සිට ඉතාමත් ප්‍රබල තත්ත්වකට පත්ව සිටිනවා. කොදෙව් දේශයේ තුන්කොන් තරගාවලියේ සූරතාව දිනා ගැනීමෙන් පසුව ඔවුන් මානසික වශයෙන් ඉහළම මට්ටමක පසුවනවා. අපේ අරමුණ මූලික වටයේ තරග තුනෙන් දෙකක් හෝ ජයගෙන දෙවන වටයට ගොස් පසුව ඉදිරියටම යාමයි.

මූලික වටයේදී ඉන්දියාව, නවසීලන්තය සහ ජපානය සමඟ තරග කිරීමට සිදුව තිබෙනවා. මින් කණ්ඩායම් දෙකක් දෙවන වටයත් අනෙක් කණ්ඩායම් දෙක ප්ලේට් (පළග) තරගාවලිටත් යනවා. අප 12 වැනිදා සහ 14 වැනිදා දකුණු අප්‍රිකාව හා පාකිස්තානය සමග පුහුණු තරග වලටත් ක්‍රීඩා කරනවා.

ප්‍රශ්නය :-  ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ අනාගත සැලසුම් මොනවාද?

පිළිතුර :-  ලෝක කුසලානයෙන් පසුව කිහිපදෙනෙකුම 23න් පහළ හා සංවර්ධන කණ්ඩායම් නියෝජනය කරාවි. ඒ වගේම අන්තර් සමාජ දිස්ත්‍රික්ක හා පළාත්වලට සම්බන්ධ වේවි. 19න් පහළ කණ්ඩායමේ ඇතිවන හිස් තැන්වලට අප දීර්ඝකාලීන හොද පුහුණුවක් ලබාදීමේ අරමුණින් අවුරුදු 15න් පහළ හා 17න් පහළ දිස්ත්‍රික්ක තරගාවලියන්හි දක්ෂයන් තෝරා සංචිතයට ඇතුළත් කරගත යුතුයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee