slc
logo
Home   |    News
ජනවාරි 27, 2020
විලියම්ස්ගේ දෙවැනි ශතකය සිම්බාබ්වේට ජීවය දෙයි

sinhala editor

සිම්බාබ්වේ නායක ෂෝන් විලියම්ස්ගේ ශතකයද සමඟ සිකන්දර් රාසා සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 159 ක සම්බන්ධතාවය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව හරාරේ හි අද (27 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 352 ක් ලබා ප්‍රබල තත්ත්වයකට පැමිණීමට සිම්බාබ්වේ පිල සමත්විය.

පළමු තරගය හා සමානවම මෙම තරගයේද ආරම්භය මන්දගාමී වුවත්, පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිටම වැඩි වේගයකින් ලකුණු ලබා ගැනීමට නායක විලියම්ස් උනන්දුවක් දැක්වීම මෙතරම් ලකුණු සංඛ්‍යාවක් පළමු දිනයේදීම රැස් කර ගැනීමට හැකිවීමට ප්‍රධාන ලෙසින් බලපෑවේය.

සිය ටෙස්ට් ක්‍රිකට් තරග දිවියේ දෙවැනි ශතකය ලෙසින් සටහන් වුණු විලියම්ස්ගේ ලකුණු 107 කින් සමන්විත ඉනිම සඳහා ඔහු පන්දු 137 කට මුහුණ දී තිබුණි. හතරේ පහර 10 ට අමතරව තවත් හයේ පහර 3 කින්ද සිය ඉනිම සරසාගත් වමත් පිතිකරුවා ධනංජය ද සිල්වාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගියේය.

පළමු දිනට තරගය නිමා කරන විට රෙගීස් චකබ්වා ලකුණු 31 ක් සහ ටිනොටෙන්දෝ මුටාම්බෙඩසා ලකුණු 10 ක් ලබා දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහරදීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති.

ටෙස්ට් තරගවලට වඩා වෙනස්ම වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන් විලියම්ස් සහ රාසා පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය සඳහා පන්දු 207 ක් පමණක් වැය කළේය. පළමු තරගයේදී සිම්බාබ්වේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දුන් පන්දු යවන්නා වුණු ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු හුවේ ප්‍රහාරාත්මක ලෙසින් පිති හැසිර වූ දකුණත් සහ වමත් පිතිකරු යුගල ඇඹුල්දෙණියගේ පන්දුවාරයකට ලකුණු 5 කට අධික දළ වේගයක් (5.10) ක් රඳවා ගැනීමට වග බලා ගත්හ.  ඒ අනුව දිනය අවසනදී ඇඹුල්දෙණියගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 30 කදී නිලකුණු පන්දුවාර 3 ක් ද සමඟ ලකුණු 153 කට එක් කඩුල්ලක් වශයෙනි.

මෙහිදී රාසාගේ දායකත්වය පන්දු 99 කදී ලකුණු 72 ක් විය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් රාසා සිය ඉනිම සරසා ගනිද්දී ඔවුන්ට නොදැවෙනු වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 62 කදී ලකුණු 62 ක් ලබා ගත්තේය.

දිවා ආහාරය වන විට සංචාරකයින් කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වද්දී සත්කාරකයින් තම ලකුණු පුවරුව 96 දක්වා ඉහළ දමා ගත්හ. සිම්බාබ්වේ නායකයා කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පන්දුවට පහර දීමට පැමිණි ප්‍රින්ස් මසාවුරේව ලකුණු 09 කට දවා ගැනීමට ළහිරු කුමාර සමත්විය. අනතුරුව ක්‍රෙග් අර්වින්ගේ කඩුල්ල දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත්විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ හොඳම කාල සීමාව බවට පත්වූයේ දිවා ආහාරයත් තේ පානයත් අතර තුර කාල සීමාව විය. ඒ අතරතුරදී දැවී ගිය පිතිකරුවා බවට බ්‍රෙන්ඩන් ටේලර් පත්වද්දී එම කාල සීමාවේදී ලකුණු 118 ක් ලබා ගැනීමට රාසා සහ විලියම්ස් සමත්වූහ.

පන්දුවාර 80 නිමා වත්ම දෙවැනි නව පන්දුව ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා උනන්දු වුවද එතැන් පටන් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 ඇතුළත එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. හෙට තරගයේ දෙවැනි දිනයයි.

අද තරගයේදී දෙපිළම එක් වෙනස්කම බැගින් සිදු කරමින් අවතීර්ණ වී සිටි අතර එහිදී ශ්‍රී ලංකාව කසුන් රජිත වෙනුවට විශ්ව ප්‍රනාන්දුද සිම්බාබ්වේ පිලේ අයින්ස් ඩොලුවා වෙනුවට ටිනොටෙන්දෝ මුටොම්බෙඩ්සා ද කැඳවා තිබිණ. මෙය මුටොම්බෙඩ්සා මංගල ටෙස්ට් වරම් දිනාගන්නා ලද තරගය බවට පත්විය.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar