slc
Home   |    News
ජනවාරි 26, 2020
ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ජය වාර්තා කරයි

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ජපාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්විය. මෙම තරගයේ ජය ලැබුවද පෙර ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිව පැවැති තරග පරාජයට පත්වීම නිසා දෙවැනි වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට අහිමිවනු ඇත.

වර්ෂාව හේතුවෙන් ඉනිමක් පන්දුවාර 22 කට සීමාවෙමින් පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජපාන කණ්ඩායම පන්දුවාර 18.3 කදී ලකුණු 43 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව එම ඉලක්කය හඹා ගිය පිතිකරුවෝ ජයග්‍රහණය සනාථ කර ගන්නා ලද්දේ පන්දුවාර 8 කුත් පන්දු 3 ක් වැය කරමිනි. ඒ වෙනුවන් නවෝද් පරණවිතානගේ කඩුල්ල පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් දවා ගැනීමට සමත්වි තිබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් රවිඳු රසාන්ත පන්දුවාර 25 කදී හතපෙහර 3 ක් සමඟ නොදැවී ලකුණු 19 ක් ලබා ගනිමින් පිත්තෙන් කැපී පෙනුණි. අනෙක් අන්තයේ රැඳී සිටි මොහොමඩ් සමාස් ලකුණු 07 ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී ජපාන කණ්ඩායම එකම පිතිකරුවකුට හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්හ. පන්දු යැවීමේදී ඩිල්ශාන් මධුශංක, සුදීර තිලකරත්න අශේන් ඩැනියෙල් සහ නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. ජපාන පිලේ ඉතිරි කඩුලු 2 කඩුලු අතර දිව යෑමේදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

මේ වන විටත් තරගාවලියේ මීළඟ තරග වටය සදහා වන සියළුම කණ්ඩායම් තීරණය වී තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාව තරග වැදි ඒ කාණ්ඩයෙන් ඉන්දියාව සහ නවසීලන්තයත්, බී කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාවත්, සී කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ පාකිස්තානයත් සහ ඩී කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සුදුසුකම් ලබා ඇත. 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාව මෙන්ම එංගලන්ත කණ්ඩායම් මෙම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීම කැපී පෙනෙන සිදුවීමක් ලෙසින් සටහන් වේ. එමෙන්ම ආධුනික රටක් වුවද ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය තමන්ට හිමි තරග වලදී කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීම සුවිශේෂී වේ. මෙහිදී ඇෆ්ගනිස්තානය මූලික වටය යටතේ දකුණු අප්‍රිකානු පිල පරාජයට පත් කිරීම ඒ අතරින් කැපී පෙනෙයි.

ජපාන කණ්ඩායම පන්දුවාරෙ 18.3 කදී ලකුණු 43 යි – (නවෝද් පරණවිතාන 02/2, අෂේන් ඩැනියෙල් 11/2, ඩිල්ෂාන් මධුශංක 12/2, සුදීර තිලකරත්න 13/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 8.3 කදී එක් කඩුල්ලකට ලකුණු 47 යි – (රවිඳු රසාන්ත 19*)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest